Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සෑම තරුණයෙක්ම බලාපොරොත්තු වෙන හොඳ පෙම්වතියක් වෙන්න උපදෙස් 5ක්

Posted on November 19, 2022November 19, 2022

දැන් කාලයේ කොල්ලො කෙල්ලෝ තරුණ කාලයේ ඇතිවෙන සිතිවිලි එක්ක පෙම් පළහිලව්වක පැටලෙනවාම  එක සාමාන්‍ය දෙයක් වෙලා. කොහොම වුනත් තමන් මේ කරන දේ ගැන හරි අවබෝධයක් තියෙනවා නම් කිසිම  ගැටලුවක් නැහැ.ඕනවට එපාවට ආදරේ කරනවට වඩා තමන් ජීවිතය බෙදා ගන්න හිතාගෙන ඉන්න ආදරවන්තයාගේ හිතට ගැළපෙන විදියේ පෙම්වතියක් වෙන්න මේ දේවල් 5 කරන්නම වෙනවා.

1.ඔහුගේ පවුලේ අය එක්ක හොඳින් ඉන්න

ගෙවල්වල අයත් දන්න සම්බන්ධයක් නම් ඒ ගෙදර අයව හොඳින් තියාගන්න එක කරන්නම ඕන. බොරුවට නැතුව ඇත්තටම එයාල එක්ක හිතවත් වෙන්න. තමන්ගේ අනාගත නෑදෑයන් මොනවගේද කියලා හඳුනාගන්න. තමන්ගේ පවුලේ අයත් එක්ක තමන්ගේ පෙම්වතිය හොඳින් ඉන්නවා කියන එකට කොල්ලෝ කැමතියි. අනික ඒක එයාගේ හිතටත් සහනයක් වේවි.

2.ඔබගේ පෙම්වතා විශේෂ බව ඔහුට දැනෙන්න​ අරින්න

තමන් පොරක්  කියලා හිතන්න, තමන් ගැන ටිකක් ලොකුවට හිතන්න කොල්ලෝ කැමතියි. විශේෂයෙන්ම තමන්ගේ පෙම්වතිය තමන් විශේෂ කෙනෙක් බව නිතරම කියනවට ඔවුන් කැමතියි. එහෙම කියලා බොරුවට අගය කරන්න එපා. එයාගේ මොකක්ම හරි විශේෂත්වයක් තිබුන නිසානේ ඔයා ඒ කෙනා එක්ක ආදරෙන් බැඳුනේපිරිසක් ඉදිරියේ එයාව අගය කරන්න කම්මැලි වෙන්න එපා. 

3.හැමතිස්සෙම තොදොල් වෙවී ඇඟේම එල්ලෙන්න එපා

ලඟින් ඉන්න වෙලාවට හුරතල් වෙන එක සම්බන්ධතාවයකදීව වැදගත් තමයි. ඒ වගේම එහෙම හුරතල් වෙන එකට කොල්ලොත් ආසයි තමයි. හැබැයි ඉතින් හැමතිස්සෙම හුරතල් වෙවී ඇඟේම එල්ලීගෙන ඉන්න එකෙන් වෙන්නේ කාලයක් යනකොට කොල්ලට එපා වෙන එක. අවශ්‍ය තැනදී හුරතල් පෙනුම වගේම අනිත් වෙලාවට හොඳ තීරණ ගන්නත් තනියෙන් වැඩ කරන්නත් පුරුදු වෙන්න.

4.ඔහුගේ දියුණුවට සහය වන්න

පෙම්වතා ගන්න තීරණ වලට ඔයත් සහය වෙන්න​. එයාට වරදින්න පුලුවන් තැන් පෙන්වලා දීලා ලගින් ඉඳගෙන  අවශ්‍ය අවස්ථාවකදී  එයාගේ වැඩ වලට උදව් කරන්න.  ජිවිතය ඉලක්කයක් ඇතිව වැඩ කරන එයාට ඔයත් උපරිමයෙන් සහයෝගය දෙන්න. එහෙම හරි ඉලක්කයක් නැත්නම් දෙන්නත් එක්ක ඉලක්කයක් ඇති කරගන්න ඕන. එතකොට එයාගෙ හිතේ ඔයා ගැන තියෙන ආදරය වැඩි වේවි.

5.ලස්සනට පිළිවෙළට අඳින්න  

ලස්සනට ඇඳලා පිළිවෙළට ඉන්න කෙල්ලන්ට කොල්ලො ගොඩක් ආසයි. ඒ වගේම හැම කොල්ලම කැමතියි ලස්සනට පිළිවෙලට ඇඳපු කෙල්ලෙකුගෙ අතින් අල්ලගෙන ආඩම්බරයෙන් ගමනක් බිමනක් යන්න. තමන්ගේ යාලුවන්ට කෙල්ලගේ ඒ ලස්සන පෙන්නන්න. ඒ නිසා හැම වෙලාවෙම ලස්සනට පිළිවෙළට ඇඳුම් අඳින්න. හැබැයි ඕනවට වඩා සරල අඳින්නවත් ඕනවට වඩා මෝස්තර කරන්නවත් එපා.  තැනට ගැළපෙන විදියට පිළිවෙලට අඳින්න.

Post Views: 9,455

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes