Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

බූට් කාපු යාලුවෙක්ගෙ හිත හදන්න උපදෙස් 5ක්

Posted on November 8, 2022November 8, 2022

ආදර සම්බන්ධතා කියන්නේ ඉක්මනින් ඇති වෙනවා වගේම නොහිතන වෙලාවක, නොහිතන විදිහට නැතිවෙලා යන්න පුළුවන් දෙයක්. යාලුවන්ගේ ආදර සම්බන්ධතා වලට උදව් කරනවා වගේම ඒවා කුමක් හෝ හේතුවක් නිසා කැඩිලා ගියහම යාළුවා ළඟින්ම ඉඳලා හිත හදන එක ඔබේ වගකීමක්.

1. යාළුවා එක්ක ට්‍රිප් එකක් යන්න

ආදර සම්බන්ධතාවය බිඳුණු මුල්ම දවස් කිහිපය තමයි යාලුවට අපහසුම දවස් කිහිපය වෙන්නේ. මේ අපහසුම දවස් කිහිපය කොහොමින් හරි මඟහරවා ගත්තොත් ඊට පස්සේ, එයා තත්ත්වය ටික ටික තේරුම් අරන් සාමාන්‍ය ජීවිතයට හුරු වෙන්න පටන් ගනීවි. ඉතින් ඒ නිසා යාළුවා හිත කලකිරීමෙන් ඉන්න මුල්ම දවස් කිහිපයේ හිතට දැනෙන දේවල් අමතක කරවන්න එයා එක්ක කොහේ හරි දුර පළාතකට ඇවිදින්න යන්න.

2. ජීවිතයේ වෙනස් මාවතක යන්න එයාට හුරු කරන්න

කතාබහ කරන එක, යාලුවා එක්ක ඇවිදින්න යන එක, එයාගේ දුක අහන එක වගේ දේවල් හැම දෙයක්ම තාවකාලිකයි. ඒවා දුක ටිකින් ටික අඩු වෙනකන් කරන්න පුලුවන් දේවල්. මේ කියන්න යන්නේ ටිකක් ස්ථිර වෙනසක් ගැන. හිතට තදින් බැඳුණු සම්බන්ධතාවයක තියෙන මතක ප්‍රමාණය වැඩියි. මොකද එයා ඒ කාලේ ගොඩක් සතුටින් ඉන්න ඇති, හුඟක් හීන මවන්න ඇති. ඒ නිසා ඒ දේවල් අමතක කරවන්න ලොකු වෙනසකට යාලුවාව යොමු කරන්න. ඉන්න තැන ටිකක් වෙනස් කරගන්න, මගහැරුනු අධ්‍යාපන කටයුත්තකට එයාවයොමු කරවන්න. එහෙමත් නැත්නම් රැකියාවේ ඉහලට යන්න, මගහැරුණු අවස්ථා ලබා ගන්න උනන්දු කරවන්න.

3. එයා එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න

ඔයාගේ යාළුවා ආදරය කරන කාලේ ෆිල්ම් බලන්න එහෙම යන්නේ එයාගේ පෙම්වතා හෝ පෙම්වතිය එක්කනේ. ඒ නිසා යාළුවාට ඔයත් එක්ක ෆිල්ම් එකක් බලන්නවත් යන්න බැරිවෙන්න ඇති. ඉතින් ඒ නිසා වෙනසකටත් එක්ක ඔයා යාලුවා එක්ක හොඳ අලුත් ෆිල්ම් එකක් බලන්න යන්න. ඒ වුණත් හැබැයි ඉතින් Romantic ෆිල්ම් එකක් නම් බලන්න යන්න එපා. පුළුවන්නම් Thriller හෝ Horror පැත්තට බර​ ෆිල්ම් එකක් නම් වඩා හොඳයි.

4. එයාට හොඳින් සවන් දෙන්න

අද කාලේ අහන්න ලැබෙන බොහොමයක් අවාසනාවන්ත සියදිවි නසාගැනීම් ගොඩකට හේතුව වෙලා තියෙන්නේ ඒ අයගේ දුකට සවන් දෙන්න , කතාබහ කරලා පාළුව නැති කරගන්න කෙනෙක් නොසිටීමයි. එයාගේ ජීවිතේම වුණු, හදවතින් තදින්ම අල්ලාගත් ආදර සම්බන්ධතාවයක් නැති වෙනවා කියන්නේ එයාට පාලනය කරගන්න හුඟක් අපහසු කාරණයක්. මොකද එයා ඒ වෙලාවට ඉක්මන් වගේම දුරදිග නොබලා තමයි තීරණ ගන්නේ. එවැනි අවස්ථාවක් කෙනෙක්ව ලේසියෙන්ම විශාදය කියන මානසික තත්ත්වයට ඇදලා දාන්න පුළුවන් හේතුවක්. ඉතින් ඒ නිසා තමයි ආදරය නිසා දුකට පත් වුණු යාළුවෙක්ට ටික කාලයක් ගිහින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනතුරු ඔයා නිරතුරුවම එයාට  සවන් දෙන්න ඕන වෙන්නේ. එයාගේ හිතට දුක දැනෙන හැම වෙලාවකම මොන දේ කිව්වත් සමහරවිට එකම දේ සැරින් සැරේ කිවුවත් ඔයා ඉවසීමෙන් අහගෙන ඉන්න.

5. එයා එක්ක නිතර කතාබහ කරමින් සොයා බලන්න

වෙනදාට වඩා එයාට නිතරම කතා කරලා සැප දුක හොයලා බලන්න. එයා තනිවෙලා නැහැ කියන හැඟීම එයාට දන්වන්න. ඔයාට නිතර නිතර එයාව මුණ ගැහෙන්න බැරි වුණත් පුළුවන්. ඒ වුණත් පුළුවන් හැම මොහොතකම කතාබහ කරන්න. මොකද එයා කවුරුත් කතාබහ නොකර තනියම ඉන්නකොට තමයි එයාට වැඩියෙන් පාළුව තනිකම දැනෙන්න ගන්නේ. ඒ වගේම එයා කලින් ආදරේ කරන කාලයේ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක හැම වෙලාවකම කතා කරපු එකේ අඩුව එයාට තදින්ම දැනෙනවා. ඒක ඔයාට අපහසු දෙයක් වෙන්න පුළුවන්. ඒත් යාළුවා වෙනුවෙන් ඔයාට ඒ දේ කරන්නම වෙනවා.

Post Views: 5,796

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes