Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අන්තර් මහාද්වීපික රොකට්ටුවේ සීයා

Posted on February 21, 2022February 21, 2022

සටහන – ලලිත් කරුණාරත්න

තනි සිලින්ඩරයක් ඇති මෝටර් සයිකලයක් අහසේ පියාසර කරමින් ඔබ වෙත එන්නේ යයි සිතන්න. එහෙත් එය මෝටර් සයිකල සීයකට වඩා ශබ්දයක් ඇතිව, එනම් ඊට ඇත්තේ කන් බිහිරි කරන ශබ්දයක් ඇතිව, පැයට කිලෝ මීටර් 800ක පමණ වේගයකි. හදිසියේ එහි ශබ්දය නැතිව ගියහොත් කණට විශාල සහනයක් ගෙන දෙනු ඇත. නමුත් ඒ සහනය සදාකාලික වන්නේ, ඒ මාරයා පොළවට පැමිණෙන වෙලාව හෙයිණි.

ඒ, 5000 කට වඩා බ්‍රිතාන්‍යයන්ට මරු කැඳවූ, 15,000 කට වඩා මිනිසුන් සදාකාලික අබ්බගාතයන් කල ජර්මානුවන් නිර්මාණය කල V-1 රොකට්ටුවයි. ජර්මනියේ සිට එංගලන්තයට එවන ලද V-1 රොකට්ටු නිසා සිදු වූ ව්‍යසන ඉතා විශාල විය.

මේ රොකට්ටුව බල ගන්වන ලද්දේ “පල්ස් ජෙට්” යයි හැඳින්වෙන [ජර්මන් බසින් Propulsionpipe, ඉංග්‍රීසින් කීවේ “doodlebugs” or “buzz bombs” සේය.] සරළ ජෙට් එන්ජිම මගිනි. එය නිර්මාණය කිරීමට සාපේක්ෂව අඩු මිළක් හෙවත් ඩොලර් 2000ක් පමණක් වැයවිය. විශාල කෑලි 7 ක් පමණක් එහි තිබේ. ඒ නිසා මිනිත්තු කීපයකින් එය සැකසිය හැකි විය. මේ හේතු නිසා හරියටම ඉලක්කයක් ගන්නවාට වඩා මෙන්ම ලාභයට මිනී මැරීමටද, බොහෝ රොකට්ටු ගණනක් යම් මර්මස්ථානයකට ඉලක්කගත කිරීමට හැකි විය.

මේ මාරාන්තික ආයුධය නිෂ්පාදනය කිරීමට ජර්මන් ආඥාදායක “හිට්ලර්” අණ දුන්නේ, එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ “වින්ස්ටන්ට් චර්චිල්” විසින් කරන ලද මෝඩකමක් නිසා යයි කියනු ලැබේ. එනම් යුද්ධයේ දී ජනාකීර්ණ ස්ථානවලට, පාසල්වලට බෝම්බ නොදමන්න යයි හිට්ලර් කියා සිටියදීද, ඒ බව දැන දැනත් චර්චිල් ගේ අණ පරිදි ජර්මනියේ රෝහල් සංකීර්ණයකට බ්‍රිතාන්‍ය හමුදා බෝම්බ හෙලූහ. V-1 රොකට්ටුව හිට්ලර් ගේ පළිගැනීම විය. ඉවක් බවක් නොමැතිව V-1 රොකට්ටු ලන්ඩනයට වැටිණි.

එහි දිග මීටර් 8 ක් පමණි. අත්තටු වල පළල මීටර් 5කි. පෙට්‍රල් ලීටර් 680 ක ටැංකියකි. ටොන් 2. 2 ක් බරය. එහි තුඩේ, බිමට වැටෙන බව බෝම්බය ක්‍රියාත්මක වන ඇටවුමට දන්වන සංවේදකය ඇත. ටොන් 40 ක තෙරපුමකින් එය ප්‍රක්ෂිප්ත කෙරේ. ඒ විගසම ජෙට් එන්ජිම ක්‍රියාත්මක කෙරේ. රොකට්ටුව ඉන් අනතුරුව ගමන් පථයට එළඹේ.

මේ ගැන ඉතා සරළව අවබෝධ කරගත හැකි එක උදාහරණයක් වන්නේ, අවුරුදු කාලයට ළමයින් දල්වන උණ බම්බු වෙඩිල්ලයි. භූමිතෙල් දමා කටෙන් පිඹ ගිණි දැල්ල අල්වන විට එය පිපිරේ. ඊළඟට බම්බුවේ ඇති දුම ඉවත් කරන්නේ කටින් පිඹ වේ. නැවතත් ක්‍රියාවලිය ආරම්භ වේ. එක පිපිරීමක සිට අනෙක් පිපිරීමට තත්පර 10-15ක් පමණ ගතවනු ඇත. V-1 රොකට්ටුවේ ජෙට් එන්ජිම උන බම්බු වෙඩිල්ලේ සරළ සිද්ධාන්තය සමඟ එක්ව ගියද, දැල්වූ වාතය ඉවත් වීම සහ නැවත පෙට්‍රල් එන්ජිමට ඇතුළු වීම වේගවත් නිසා ඉක්මනින් වෙඩි පත්තු වෙනවා මෙන් ඇසේ. මුල් වෙඩිල්ලේ බලයෙන්ම සහ, ඉන්ධන කපන ග්‍රිල් ඇටවුමකින් ඇතුලේ ඇති දුම පිටවීමට සකස් කර තිබිණ.

ජෙට් එන්ජිම ක්‍රියාත්මක වන ආකාරය යූ ටියුබ් වීඩියෝ වල දැකිය හැකි නිසා එය තවදුරට විස්තර කිරීම තේරුමක් නැත. ජර්මනියේ සිටින්නෙක්ට ඒවා යුධ කෞතුකාගාර වල දැකිය හැක. නමුත් එය ඉලක්කගත පෙදෙසට යොමු කිරීම ඔවුන් කලේ කෙසේදැයි බැලීම කෙනෙක්ට කුතුහලයක් ගෙන දෙනු ඇත. එහි මාලිමාවක් ඇත. ඒ මාලිමාවෙන් පෙන්වන දිශාව සහ ගයිරෝ උපාංගයෙන් එය තෝරාගත් පෙදෙසකට යොමු කෙරේ. “ගයිරෝ” යන්න කුමක්ද ?

සයිකලයක් පැද නැති කෙනෙක් නැත. රෝදයක හුළං ගියහොත්, රෝදය ගලවා වින්කලයකට ගෙන යන්නෙමු. මේ අතර ඔබ ඒ රෝදයේ ඇක්සලය අත් දෙකෙන් අල්ලා එහෙ මෙහෙ හැරවීමට උත්සාහ කර තිබේද ? එය කල හැකිය. එහෙත් ඇක්සලයෙන් අල්ලා, ඒ සමඟම රෝදයද කරකවා සෙලවීමට උත්සාහ කළහොත් එය කිරීමට අපහසු බව අවබෝධ කරගත හැක. මෙය “ගයිරෝ” යන්ත්‍රයේ මූල ධර්මය වේ.

ඒ ආකාරයේ කරකැවෙන රෝදයක් V -1 රොකට්ටුවේ තිබිණ. එහි “බයිසිකල් රෝදය” වැන්නේ වේගය, විනාඩියකට වට 30,000 කි….!!

මේ වේගයෙන් කරකැවෙන විට රේසර වේගයෙන් ගෙවී ගියද, එයට කම් නැත. තත්පර 1500 කින් බෝම්බය පත්තු වන හෙයිණි. කිසියම් හේතුවක් නිසා, එනම් සුළං ප්‍රවාහයක් නිසා රොකට්ටුවේ ගමන් දිශාව වෙනස් වුවහොත් එය ගයිරෝ එකට දැනේ. මාලිමාවේද ආධාරයෙන් නැවත ගමනේ දිශාව නිරවද්‍ය කෙරේ. ඒ නිරවද්‍ය බව කොතෙක්ද යත්, ජර්මන් ඉංජිනේරුවන් කියන්නේ, හොඳම ගුවන් නියමුවෙක්ට වඩා V-1 රොකට්ටුවේ දිශාව ස්වයංක්‍රීයව නිර්ණය කිරීම නිරවද්‍ය යන්නය. එහෙත් බ්‍රිතාන්‍යයන් අදත් කියන්නේ එය නිවැරදි නැති බවය.

අද දින මේ සෙලවෙන කරකැවෙන ගයිරෝ නැත. ඒ වෙනුවට ඉලෙක්ට්‍රොනික පරිපථ ඇත. අද දින ඔබ දකින සෙල්ලම් දුරස්ථ හෙලිකොප්ටර වල පවා ඒවා ඇත.

මෙය විදින කැටපෝලය ක්‍රියාත්මක කරන්නේ හුමාළ එන්ජිමකින් වීමද විශේෂයකි. රොකට්ටුව විදින ප්‍රක්ෂිප්තයේ මුල් කෝණමය අගය අංශක 6ක් පමණ වේ. රොකට්ටුවට මීටර් 300 සිට 2000 තෙක් තෝරාගත් උසකින් ගමන් කල හැක. රොකට්ටුව යම් උසකට ගිය පසු “කවුන්ටරයක්” ක්‍රියාත්මක වේ. ඉන් කරන්නේ වෙඩි ගණන ගණන් කිරීමය. සියලු වෙඩි අතර එක කාල පරාසයක් ඇති හෙයින්, ඉලක්කයට ඇති දුර ඉන් නිර්ණය කර, අවශ්‍ය ප්‍රදේශයේදී එන්ජිමේ බලය කපා හැරේ.
රොකට්ටුව නිශ්ශබ්ද වන්නේ මෙන්න මෙතනදීය. ඉන් පසු ගුරුත්වය යටතේ ඇද වැටෙන රොකට්ටුවේ බෝම්බයේ ඇති ස්ෆෝටනය වන “ඇමටෝල්” [Amatol] කිලෝ ග්රෑම් 850 විගස දැල්වී, දැවැන්ත විනාසයක් ඇති වේ. සමහර රොකට්ටු වල ට්‍රාන්ස්මීටර සවිකර තිබුනේ, එංගලන්තයේදී එය බිමට වැටුණු විට ඒ ස්ථානය ජර්මනියට දැනුම් දීමටය.

V-1 රොකට්ටුව ගැන මුලින් අසන කෙනෙක්ට, එය තවත් ආකාස වෙඩිල්ලක් යයි සිතනු ඇත. මුලින් සිතන ලද්දේ ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ඔහේ යවන ලද ආකාස කූරක් වෙන්නට ඇති කියාය. එය එංගලන්තයේ ගුවන් සහ යාන්ත්‍රික ඉන්ජිනේරුවන් උපකල්පනය කල දෙය විය. නැතිනම් එය ‘දිවි හානි කිරීමේ මෙහෙයුමක්’ බවද, ජර්මනියේ සිට එංගලන්තයට නියමුවෙක් නැති යානාවක් කිසි විටෙක එවිය නොහැකි යයි ඔවුන් මුලින් සිතුහ.

ඔවුන් සත්‍යය දැන ගත්තේ ඉන් එකක් ගසක පැටලී, පිපිරී නොතිබීමෙනි. මක්නිසාද රොකට්ටුවේ මුල ඇති සංවේදකය බිම නොවැදීමෙන් එය පිපිරුණේ නැත.

මෙම V-ආයුධය සැබවින්ම ඵලදායී විය. ගොඩනැගිලි සහ නගර විනාශයේ අර්ථයෙන් නොවේ, එය බොහෝ දුරට නිවැරදි වූ බැවිනි. භීෂණය සහ බොහෝ ජනතාව මියගිය නිසා නොවේ, එය බ්‍රිතාන්‍ය ජනතාවට වඩාත් ආරක්‍ෂාව පිළිබඳ උනන්දු වීමට බල කල හෙයිණි. කෙසේ වෙතත්, පසුව එය නිෂ්පාදනයේදී, දියත් කරන ස්ථානවලදී හෝ පියාසර කිරීමේදී ඒවා විනාශ කිරීමට මිත්‍ර පාක්ෂිකයින්ට විශාල උත්සාහයක් දැරීමට සිදු විය.

වසර 70 කට පෙර සිදු කල මේ නිර්මාණයට සහාය වන්නට එකල මෘධුකාංග, පරිඝනක භාවිතා නොවිණි. එහෙත් එය ජර්මන් ඉංජිනේරුවන්ගේ විශිෂ්ට දැණුම අනුව එකළට සාපේක්ෂව තිබී විද්‍යා දැනුම අනුව සොයා ගත් ඉතා උසස් ගණයේ නිර්මාණයක් විය.

Post Views: 3,397

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes