Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඉන්දිරා ගාන්ධිගේ සිංහල පෙම්වතා – ඔහු වෙනුවෙන් රෝහලට ඇය වූ මල් පොකුර

Posted on April 21, 2020May 24, 2020

ඇතැම් ඉන්දියානුවන්ට අනුව කාලි දෙවඟනගේ  අවතාරයක් වුණු ඉන්දිරා ගාන්ධිගේ පළමු පෙම්වතා සිංහලයෙක් වූ බව ඔබ දන්නවාද? ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සඵල වුණා නම් අද ඉන්දියාවේ වගේම ලංකාවෙත් ඉරණම වෙනස් වෙන්න තිබ්බා.අද විශ්ව කර්ම ඔබ වෙත ගෙන එන්නේ ඒ අනුවේදනීය පෙම් පුවත. ඊට කලින් ඔබ තවමත් විශ්වයේම  විශ්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්වකර්ම යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්තන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් එසැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන ආරාධනාව ඔබට කරන්න කැමතියි.

1933 වර්ෂය වෙද්දී මුළු ලංකාවේ ඒ වගේම ඉන්දියාවෙත්  නිදහස් අරගලයේ ගිනි පුපුරු දැල්වෙමින් තිබ්බ කාලය. ඉන්දියානුවන් සහ ලාංකිකයන් බටහිර ගැති ආකල්ප ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ මුල් සොයන ගමනක් ආරම්භ කරල තිබ්බා. මේ නිසා බොහෝ ලාංකිකයන් ඉන්දියාව සමග සංස්කෘතික සහ දේශපාලනික සම්බන්ධතා ඇති කර ගනිමින් හිටපු කාලය. ඉන්දියාවේ රවීන්ද්‍රනාත් තාගෝර් පඬිතුමා ශාන්ති නිකේතනය ආරම්භ කරලා ඉන්දියාවේ කලා අංශයේ සුවිශේෂී දියුණුවක් ඇති කිරීමට කටයුතු කරමින් හිටියා. මංජු ශ්‍රී, සුනිල් සාන්ත, එදිරිවීර සරච්චන්ද්‍ර, උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ වගේ ලාංකිකයන් බොහෝ දෙනෙක් ශාන්ති නිකේතනයට ගිහිල්ලා රවින්ද්‍රනාත් තාගොර් පඩිතුමා යටතේ විවිධ කලා කලා කටයුතු සඳහා අධ්‍යාපනය ලැබීම වගේම පර්යේෂණ කිරීම ආරම්භ කරලා තිබ්බේ. මේ ශ්‍රී ලාංකිකයන් ගොන්නට බද්දේගම ඉඳන් ලයනල් එදිරිසිංහ නම් කඩවසම්  තරුණයෙකුත් එකතු වෙනවා.

මේ තරුණයා යන්නේ සංගීතය හදාරන්න. කෙටි කාලයක් ඇතුළත හින්දි භාෂාව චතුර විදිහට හසුරුවන්නට සමත් වුණා වුණු මේ තරුණයා අඳින්න පළඳින්න ගන්නේත් ඉන්දියානු විදිහට. මේ නිසාම ශාන්ති නිකේතනය තුළ ලයනල් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. මේ කඩවසම් තරුණයා පිළිබඳව බොහෝ ඉන්දීය තරුණියන් සිත් පහළ කර ගත්තා.නමුත් මේ වෙද්දි වෙද්දි මේ තරුණයා ගේ ඇස් තවත් තරුණියගේ ඇස්වල පැටලිලා තිබ්බේ. මල් සරාගේ දුනු ඊතල වලට ජාති ආගම් භේද බේද නැහැනේ

මේ තරුණයාගේ හිත නැවතිලා තිබ්බේ ඉන්දිරා ප්‍රියදර්ශණී ගාන්ධි නම් එකම පංතියේ ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් වෙතයි.වයසින් ඇය ඔහුට වඩා වසර හතරක් බාල තැනැත්තියක් වුණා.කෙමෙන් කෙමෙන් ඒ දෙදෙනා අතිශයින් සමීප යුවළක් බවට පත්වෙන ආකාරය බොහෝ දෙනෙක් නිරීක්ෂණය කළා.

ශාන්ති නිකේතනය තුළ පැවැත්වෙන සංගීත සංදර්ශන සහ චාරිකා ඒ සදහා දෙදෙනා එකට සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. රාවණාගේ රටෙන් ආපු කොල්ලෙක් ඉන්දිරාගේ හිත හොරෙන් අරගෙන කියලා කට කතා අතනින් මෙතනින් ඇහෙන්න ගත්තා. ඉන්දිරා ගාන්ධි සාමාන්‍ය පවුලක කෙල්ලෙක් නොවීම මේ කට කතා වැඩි වශයෙන් පැතිරෙන්න තවත් හේතුවක් වුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉන්දියාව ගලවා ගන්න ගැලවුම්කාරයා වුණු මහත්මා ගාන්ධිගේ දකුණු අත වගේ හිටපු පණ්ඩිත් ජවහර්ලාල් නේරු මහතාගේ එකම දියණිය ඉන්දිරා. මේ නිසා ඇය කෙරෙහි බොහෝ දෙනෙක් උනන්දුවෙන් බලා සිටියා.

අවසානයේදී ඉන්දිරාගේ සහ ලයනල්ගේ මේ පෙම් පළහිලව්ව ගැන පණ්ඩිත් ජවහර්ලාල් නේරු පඬිතුමාටත් ආරංචි වුණා.මේ ගැන නේරු තුමා මේ පෙම් සම්බන්ධතාවට තමන් එතරම් කැමැත්තක් නොදක්වන බවටත් ඔවුන් දෙදෙනාව එක්ව ගමන් බිමන් යැවීමෙන් වළක්වන ලෙසත් දන්මින් රවීන්ද්‍රනාත් තාගෝර් පඩිතුමා වෙත ලිපියක් එව්වා. නමුත් එවැනි පෙම් සම්බන්ධතා පිළිබඳව සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ තාගෝර් තුමා ඒ ලිපියට ප්‍රතිචාර දැක්වීමට පවා උත්සාහ කළේ නැහැ. නේරු තුමා මෙම ගැටළුව පිළිබඳව මහත්මා ගාන්ධි,සරෝජනී නායිදු වැනි තම සමීපතමයන් සමඟ සාකච්ඡා කළත ඔවුන් සියලු දෙනාම පාහේ එතුමාව අස්වැසීමට කටයුතු කළා. මේ ගැන නේරු තුමා තම බිරිඳ සහ ඉන්දිරා ගාන්ධිගේ මව වූ කමලා නේරුට දැනුම් දී ඉන්දිරාට අවවාද කරන ලෙස පැවසුවත්ඇය ද මෙම පෙම් සබඳතාව පිළිබඳව දැක්වූයේ යහපත් ආකල්පයක්. අවසානයේදී නේරු තුමා කාලයට ඉඩ දී නිහඬ වීමට තීරණය කළා.

සිය දෙමව්පියන්ට දැඩි ලෙස ගෞරවාදරයක් දැක් වූ ලයනල් එදිරිසිංහ මේ පිළිබඳව ලිපියක් මගින් සිය පවුලට දැනුම්දීමට කටයුතු කළා. නමුත් ලයනල් එදිරිසිංහගේ පියා වූ ගිල්බට් රාළහාමි මේ සබඳතාවය පිළිබඳ ව තමාගේ දැඩි විරෝධය ලිපියක් මගින් දැනුම් දුන්නා.කිසිසේත් ම විදේශික කාන්තාවක් සමග සමග විවාහ වීමට නොසිතිය යුතු බව එහි දැඩිව පවසා තිබුණා. සිය පියාගේ එම තර්ජනයෙන් ලයනල් එදිරිසිංහ මදක් පසුව බැස්මකට ලක් වුවත් සිය පෙම් සබඳතාවය අත් හැරීමට ඔහු සිතුවේ නැහැ.

නමුත් මේ කාලය ඉන්දිරාගේ පවුලට එතරම් සුභ කාලයක් වුණේ නැහැ.නිදහස් අරගලයේ පතාක යෝධයෙක් වීමේ පාපය හේතුකොට ගෙන නිතර නිතර නේරු තුමා ඇතුළු පවුලේ බොහෝ සාමාජිකයන් පිරිසක් සිර ගත කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කටයුතු කළා. බොහෝ අවස්ථාවල කමලා නේරුටත් සිර ගත වීමට සිදු වුණා.අවසානයේ දී මේ හේතු නිසාම සෞඛ්‍ය තත්ත්වය පිරිහුණු ඇය ක්ෂය රෝගය ට ගොදුරු වුණා. ක්ෂය රෝගය සඳහා දකුණු දිග ජර්මනියේ දේශගුණය සහ ප්‍රතිකාර ක්‍රම සුදුසු බව ඇසීමෙන් පසුව කමලා නේරු ජර්මනිය වෙත පිටත්වීමට තීරණය කළා.මේ බව ඇසූ  ඉන්දිරා ගාන්ධි ද ශාන්ති නිකේතනයේ සිය අධ්‍යාපන කටයුතු නතර කර දමා ජර්මනිය වෙත යෑමට කටයුතු කළා.

නමුත් ශාන්ති නිකේතනයෙන් සමු ගැනීම ඇයට. පහසු කාර්යයක් වුණේනැහැ.කඳුළු පිරි දෙනෙතින් යුතුව තම උපෙම්වතාව වුණු ලයනල් එදිරිසිංහ ට ඇය සමුදුන්නෙ තම මවට හොඳ වූ වහාම නැවතත් ඔහුව සොයා යළි ශාන්ති නිකේතනයට එන බවට ප්‍රතිඥා දෙමින්.දරාගත නොහැකි වේදනාවක් හදවතේ සිර කර දරාගෙන ලයනල් එදිරිසිංහත් ඇයට සමු දුන්නා.

මුල් කාලයේ දී ඔවුන් දෙදෙනා අතර ලිපි හුවමාරුව සිදු වුණත් පසුව ඉන්දිරා ගාන්ධිට  සිය ප්‍රේමයට වඩා මවට කළ යුතු උපස්ථාන කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වුණා. කෙටි කාලයකට ජර්මනියේ සිට නැවතත් ඉන්දියාවට පැමිණියත් එසේ පැමිණ ටික දිනකට පසු කමලාගේ සෞඛ්‍ය තත්ත්වය නැවතත් බරපතළ අතට හැරුණා.නැවතත් ඔවුන් යළි යුරෝපයටත් යෑමට තීරණය කළත් මෙවර ඔවුන්ගේ නවාතැන වුණේ ස්විස්ටර්ලන්තයයි. ඒ වන විටත් නේරු තුමා සිටියේ යළිත් වතාවක් සිරබත් කමින්. කමලා නේරු මරණාසන්න වීමත් සමග බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙත විශේෂ ඉල්ලීමක් කොට නේරුව තාවකාලිකව සිරෙන් නිදහස් කරවා ගෙන ස්විස්ටර්ලන්තය වෙත   ගෙන්වා ගත්තා. සිය සැමියා දැකීමෙන් අනතුරුව පමණ කමලා නේරු අවසන් හුස්ම හෙළුවා. එතැන් පටන් ජවහල්ලාල් නේරුගේ සම්පූර්ණ වගකීම ඉන්දිරා ගාන්ධිගේ කර පිට මත පැටවුණා.ඇයට අකමැත්තෙන් වුණත් තම පළමු ප්‍රේමය අමතක කර දැමීමට සිදුවුණා.මේ රෝගය ඉල්ලීම පරිදි නැවතත් ඉන්දියාවට නොගොස් ඔක්ස්ෆර්ඩ්   විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ඇය තීරණය කළා. මේ කාලය තුළ දී ඇයට ඉන්දියාවේදී ඇය දැන හැඳින සිටි ෆේරෝස් ගාන්ධි නම් තරුණයෙකු මුණ ගැසුණා. සිය මව අහිමි වීමේ ශෝකයෙන් සහ හුදෙකලාවෙන් සිටි ඉන්දිරාට ඔහුගේ ආශ්‍රය අස්වැසිල්ලක් වුණා. විශේෂයෙන් ම ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා ෆෙරෝස් ගාන්ධි තම සහයෝගය ලබා දුන්නා. කෙමෙන් කෙමෙන් ඔවුන් දෙදෙනා අතර ප්‍රේමයක් දළු ලෑමට පටන් ගත්තා. නමුත් ඔවුන් දෙදෙනා අතර යම් නොගැලපෙන බවකුත් තිබ්බා.ඒ තමයි ෆෙරෝස් ගාන්ධි හින්දු භක්තිකයෙකු නොවීමත් පාසි නමුත් ජන වර්ගයට අයත් වීමත්.නමුත් ඉන්දිරා සිය පළමු පළමු ප්‍රේමයට පියාගෙන් එල්ල වූ බාධා පිළිබඳ අමිහිරි මතකය නිසා කෙසේ හෝ ෆෙරෝස් සමග ඇති වුනු පෙම් සම්බන්ධතාවය කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතුය යන අධිෂ්ඨානයෙන් සිටියා.

සිය ප්‍රේමය අහිමි වීම නිසා දැඩි ලෙස සිත් තැවුලට පත් ලයනල් එදිරිසිංහ ඉන් වීමෙන්  කිහිපයකට පසුව ශාන්ති නිකේතනයෙන් ඉවත්වීමට කටයුතු කළා. ඔහු ඊළඟට නැවතුනේ උස්තාද් අලව්දීන් ඛාන් යටතේ සිතාර් වාදනය ඉගෙන ගැනීමටයිපසු කලෙක දී ලෝක ප්‍රකට සිතාර් වාදකයකු බවට පත් වුණු රවී ශංකර්ද එකල අලව්දින් ඛාන් යටතේ සිතාර වාදනය හදාරමින් සිටියාපසු කලෙක දී ලෝක ප්‍රකට සිතාර් වාදකයකු බවට පත් වුණු රවී ශංකර්ද එකල අලව්දින් ඛාන් යටතේ සිතාර වාදනය හදාරමින් සිටියා.ඉන්පසුව ඔහු ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත නිකේතනයෙන් ඉගෙනුම ලබා සංගීත විශාරද උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණා. මේ අති දක්ෂයා ඉන්දියාවේ නවත්වා ගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ කළා.ඒ වෙනුවෙන් ඔහුට විවිධ තනතුරැ පිරිනැමීමට කටයුතු කිරීමට උත්සාහ කළත් ලයනල් එදිරිසිංහ ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළා. සිය පළමු ප්‍රේමය අහිමිවීමේ වේදනාව ඔහුගේ සිතට හැමදාම වද දුන්නා.

ලංකාවට පැමිණි ඔහු පසු කාලයක දී හේවුඩ් කලායතනයේ විදුහල්පති ධූරයට පත් වුණා.ඒ වගේම ශ්‍රී ලංකාවේ පළමු ජාතික ගීය වූ “ශ්‍රී ලංකා පාලා යස මහිමා” ගීතය සඳහා සංගීතය නිර්මාණය කළේ ඔහු විසින්මයි.පසු කාලයක දී ඔහු විවාහ ජීවිතයට එළඹුණා.ඒ වන විට ඉන්දිරා ගාන්ධිත් ෆෙරෝස් ගාන්ධිත් විවාහ ජීවිතය ආරම්භ කොට තිබුණා.නමුත් තම පළමු ප්‍රේමය අමතක කිරීමට නොහැකි වූ නිසාදෝ ලයනල් තමාගේ දියණියකට ඉන්දිරා යන නම තැබුවා.

ඉන්දිරා ගාන්ධි ලංකාවේ සංචාරය සඳහා පැමිණි සෑම අවස්ථාවකදීම ඇය නොවරදවාඉල්ලුම ලයනල් එදිරිසිංහව මුණගැසුණා. එසේම ඔහුගේ සෑම ඉන්දීය සංචාරයකදීම සියලු කටයුතු සම්පාදනය කිරීමට මැදිහත් වන ලෙස ලංකාවේ ඉන්දීය තානාපති කාර්‍යාලයට ඇය විසින් උපදෙස් ලබා දී තිබුණා.හමුවන සෑම අවස්ථාවකදීම දුරකථනයෙන් කතා කර සෑම අවස්ථාවකදීම ඉන්දිරා ගාන්ධි ලයනල් එදිරිසිංහ ගෙන් එක ඉල්ලීමක් ඉල්ලුවා.ඒ සිය පවුල සමග සමග ඉන්දියාවේ පදිංචියට පැමිණෙන ලෙසත් එසේම සංගීතය පිළිබඳ ව ඉහළ තනතුරක් තමන් විසින් ඔහුට පිරිනැමීමට සූදානම් බවත් ඇය පැවසුවා. නමුත් ලයනල් එදිරිසිංහ එම ඉල්ලීම සෑම අවස්ථාවකදීම මගහැරියා.

ලයනල් එදිරිසිංහගේ ජීවිතයේ අවසාන කාලයේ දී ඔහු හෘද රෝගයකින් පෙලීමට පටන් ගත්තා. මේ පිළිබඳව දැනගත ඉන්දිරා ගාන්ධි පෞද්ගලිකවම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට උපදෙස් ලබා දුන්නේ වහාම ලයනල් එදිරිසිංහගේ සැප දුක සොයා බලා ඔහුව ප්‍රතිකාර සඳහා ඉන්දියාව වෙත රැගෙන එන ලෙසයි. නමුත් ලයනල් එදිරිසිංහව පරීක්ෂා කිරීමට ලක් කළ වෛද්‍යවරුන්ගේ මතය වුණේ ඔහුගේ සෞඛ්‍ය තත්වය මත ගුවන් ගමන් මේ මොහොතේ නුසුදුසුබවයි. මේ බව ඇසීමෙන් තවත් කම්පාවට පත් වුණු  ඇය ලිපියක් සහ මල් පොකුරක් ලයනල් එදිරිසිංහ වෙත එව්වා.එසේ ම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිතර නිතර තමන්ව දැනුවත් කරන ලෙස අදාළ අංශ වලට අංශවලට උපදෙස් ලබා දෙනු ලැබුවා.

නමුත් දෛවයේ සරදමකට වගේ ඉන්දිරා ගාන්ධි තම ආරක්ෂකයන්ගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුණා.ඒ වන විට දැඩි ලෙස සෞඛ්‍ය තත්ත්වය පිරිහී සිටි ලයනල් එදිරිසිංහ මේ ප්‍රවෘත්තිය ලැබීමෙන් වළක්වාලීමට ඔහුගේ දරුවන්  කටයුතු කළා. ලයනල් එදිරිසිංහ මිය යනතේක්ම තවම පළමු පෙම්වතිය ඒ වන විටත් වන විටත් මියගොස්   බව දැන සිටියේ නෑ.

යම් විදිහකින් එදා ඉන්දිරා ගාන්ධි සහ ලයනල් එදිරිසිංහ පෙම් කතාව විවාහයකින් නිම වුණා නම් ලංකාවේ ඉතිහාසය වෙනස් වෙන්න තිබ්බා.මොකද ඉන්දිරා ගාන්ධි ගේ සහ ෆෙරෝස් ගාන්ධිගේ පුතා වුණු රජිව් ගාන්ධි ඉන්දු-ලංකා ගිවිස ලංකා ගිවිසුම අත්සන් තැබීමට ලංකා ආණ්ඩුවට බල කරනු ලැබුවා.

එහෙම නම් මේ වගේ තවත් ඔබ විස්ම ගන්වන තවත් වීඩියෝවකින් මුණ ගැහෙමු.මේ වීඩියෝව ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් අපිට කියන්න අමතක කරන්න එපා.

Post Views: 6,724

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes