මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ විමර්ශන ශක්තිමත් කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අද දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම අවබෝධතා ගිවිසුම මගින්, ආයතන දෙක විසින්ම පවත්වනු ලබන විමර්ශනවලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබන ලදී.