ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) විසින් පොදු ප්‍රවාහන සේවාව පිළිබඳ මගීන්ගේ අදහස්, යෝජනා සහ පැමිණිලි ඇතුළු ප්‍රතිචාර ලබාගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංගම ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා පැවසුවේ මෙම වැඩපිළිවෙළ, රටේ සුරක්ෂිත ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ වැඩසටහනේ කොටසක් බවයි.
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීන්ට තම අදහස් හෝ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පහත ක්‍රම ඔස්සේ ශ්‍රී ලංගම ආයතනය සම්බන්ධ කර ගත හැකිය:
- WhatsApp: 0704775030
- ක්ෂණික ඇමතුම් අංකය: 1958
- වෙබ් අඩවිය: www.sltb.lk