2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීමේ අංකයේ (PIN) වලංගු කාලය 2025 නොවැම්බර් 30 වන දින දක්වා දීර්ඝ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම කාලය දීර්ඝ කිරීම, බදු ගෙවන්නන් වෙත දැනටමත් යවා ඇති PIN අංක සඳහා වලංගු වන බවයි.
පුද්ගලික ආදායම් බදු, හවුල් ව්‍යාපාර ආදායම් බදු, සහ සංස්ථාපිත ආදායම් බදු සම්බන්ධ ආදායම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා මෙම PIN අංකය දීර්ඝ කිරීම අදාළ වේ.