දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන ‘ඇල්ල වීකෙන්ඩ් එක්ස්ප්‍රස්’ (Ella Weekend Express) නම් නව සුඛෝපභෝගී දුම්රියක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
‘නියුස් ෆස්ට්’ (News First) වෙබ් අඩවියට අනුව, නව සුඛෝපභෝගී දුම්රිය අගෝස්තු 16 වනදා සිට සේවයට එක් කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සංචාරකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් මෙම නව දුම්රිය සේවය හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආසන 350කින් සමන්විත මෙම නව සුඛෝපභෝගී දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අලුයම 5:30ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා පිටත් වේ.
ඉරිදා දිනවල රාත්‍රී 9:00ට බදුල්ලේ සිට කොළඹ කොටුව බලා එහි ප්‍රතිවිරුද්ධ ගමන ආරම්භ කිරීමට නියමිතය.