ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත අනුව, මේ වසරේ මේ දක්වා මිලියන 1.3කට අධික සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
2025 වසරේ මේ වන විට රටට පැමිණ ඇති මුළු විදේශීය අමුත්තන්ගේ සංඛ්‍යාව 1,313,232ක්. ජූලි මාසයේ පමණක් සංචාරකයන් 145,188ක් වාර්තා වී තිබෙනවා.
ඉන්දියාව තවදුරටත් ප්‍රමුඛතම සංචාරක වෙළඳපොළ ලෙස පවතින අතර, ජූලි මාසයේ මුළු පැමිණීම් වලින් 19.1%ක් එනම් 27,786ක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.