පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ, පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ 17 වන වගන්තිය යටතේ ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අගෝස්තු 5 වනදා විවාදයට ගැනීමටය.
මේ අතර, ශ්‍රී ලංකා විදුලි සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීමේ විවාදය අගෝස්තු 6 වනදාට නියම කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.