මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ වාහන ආනයනයට කිසිදු සීමා පැනවීමට සැලසුම් නොමැති බවත්, වෙළෙඳපොළ විවෘතව පවතිනු ඇති බවත්ය.
මාධ්‍යවේදීන් අමතමින් වීරසිංහ මහතා කියා සිටියේ වාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුව කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, තමා දන්නා පරිදි රජය ද එවැනි තීරණයක් ගෙන නොමැති බවත්ය.
“මා දන්නා තරමින් නම් ආණ්ඩුව එවැනි තීරණයක් ගෙන නැහැ. ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නැති බව තහවුරු කරමින් ප්‍රකාශයක් කරාවි කියා මම විශ්වාස කරනවා,” ඔහු පැවසීය.
ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමේදී සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්තිවල (macroprudential policies) කාර්යභාරය අවධාරණය කළ වීරසිංහ මහතා, මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවතින බවටත්, ණය ගැනීමේ අවදානම නිසි ලෙස කළමනාකරණය කර ඇති බවටත් සහතික වී ඇති බව පැවසීය.