Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සැමියා කිව්වා ගෑණියෙක් ගත්තේ වැඩකාරයො උයන කෑම කන්න නෙමෙයි කියලා – උරේෂා  රවිහරි

Posted on March 16, 2023March 16, 2023

අපේ රටේ සිටින සුරූපී ගීත කෝකිලාවීයක් තමයි උරේෂා  රවිහරි කියන්නේ.මීට වසර ගණනාවක සිටම අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ ඉතාමත් සුන්දර චිත්‍රපටි ගීත රැසකට රැසකට ගායන දායකත්වය ලබාදුන් ඇය අපේ රටේ සිටින අද්විතීය ගායන ශිල්පිනියක්. 

ඒ වගේම ඇය ආදරණීය මවක් වන අතර පසුගිය දවසක ලහිරු මුදලිගේ හරි ටීවී සමග සාකච්ඡාවක් සමඟ එකතු වී සිටියා.එහිදී ඇය මේ විදිහට අදහස් දක්වා සිටියා.

“මම හරිම  නිදහසේ හිටපු කෙල්ලෙක්. ඉතින් එහෙම හිටපු මට විවාහ ජීවිතය මුල් කාලයේදී ගොඩක් අමාරු උනා. මොකද සැමියාගේ වැඩ කටයුතු කරන්න ඕන උදේම නැගිටලා උයන්න පිහන්න ඕන.ඒ වගේම තමයි මට වයස අවුරුදු 18 විතර වෙනකන් මගේ අම්මා තාත්තා ආච්චිලා ගෙන් මට පුදුම විදිහට රැකවරණයක් තිබුණා. මම සින්දු රෙකෝඩින් කරන්න යනකොට කවුරු හරි කෙනෙක් මගෙත් එක්ක එනවා.

මගේ විවාහ ජීවිතය ගැන කතා කළොත් මම විවාහ වුණේ ටිකක් වයස පහු වෙලා.ඒකට හේතුව තමයි කලා ක්ෂේත්‍රයේ සිටින ගොඩක්  දෙනා විවාහ ජීවිතය පිට පිට අසාර්ථක කරගන්නවා.ඒ දේවල් එක්ක මම ගොඩක් බය වුනා.නමුත් ගෙදරින් බල කරා විවාහ වෙන්න.ඒ උනාට මම කලා ක්ෂේත්‍රය තුළ කිසිම විදිහකින් 

 නරක නමක් හදා ගත්තු කෙනෙක් නෙවෙයි.මේ වෙනකම් කිසිම කෙනෙක් වැරදි විදියකට මගේ දිහා බලලාවත් නැහැ.ඒක නිසා හරිම නිදහස් ජීවිතයක් ගත කරපු කෙනෙක් මම. මට ඒ කාලේ නෙවෙයි සින්දු කරලා ප්‍රසංග වලට ගිහිල්ලා අම්මලා තාත්තලා එක්ක ගෙදර යනවා ගෙදර ගිහිල්ලා මම පුදුමාකාර නිදහසේ ඉන්නවා.මම දවල් 12 ට තමයි නැගිටින්නෙ.උදේට තේ එක ඇඳ ළඟට එනවා  කෑම බීම හොඳට ළඟටම හම්බවෙනවා.ඒ දේවල් එක්ක මම කල්පනා කළා ඇයි මම විවාහයකට හිර වෙන්නේ කියලා.

ගැහැනියක් විදිහට මගේ පුතා මට පුදුමාකාර ශක්තියක්.මම හිතනවා මම හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් කියලා.මගේ පුතා ඉන්න නිසා මට මුලු ලෝකෙම එක්ක උනත් සටන් කරන්න පුළුවන් වගේ ශක්තියක් හැඟීමක් මට එනවා.”

එතකොට මට සර්වන්ට්ස්ලා දෙන්නෙක් හිටියා. මගේ සැමියා මුල් කාලේ කිව්වා මම ගෑණියෙක් ගත්තේ වැඩකාරයො උයන කෑම කන්න නෙමෙයි කියලා. ඒක තදින්ම මගේ මගේ හිතට දැනුණා. මම එහෙම වෙන්න කැමැති නෑ.

ඊටපස්සේ මම මගෙ දරුවාගේ වැඩකටයුතුත් තනියම කරන්න පටන්ගත්තා. ටික ටික අනිත් ගෙදර වැඩ ටිකත් කරන්න ගත්තා. මම සියලුම දේවල් කළමණාකරණය කරන්න පුළුවන් වුණා. තනියම ඒ හැමදෙයක්ම කරගෙන පහුවදා රෙකෝඩින්ග් තියෙනවා නම් මම ඒ වෙලාවත් මගේ වෘත්තිය වෙනුවෙන් කැප කළා.

ඉතින් මේ විදිහට තමයි කලකට  පසුව පැමිණි සාකච්ඡාවේදී අදහස් දක්වා සිටියේ.අපි ඇයට උණුසුම් සුබපැතුම් එකතු කර සිටිනවා.

පසුගිය ලිපි

මාව ප්‍රසිද්ද නිලියක් කරලා දෙන්නම් කියලා අනන්තවත් අයුතු යෝජනා ඇවිත් තියෙනවා – ගයත්‍රී දිසානායක

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ මිෂෙල්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී දිසානායක කියලා කියන්නේ. ඒ වගේම ඇය මිල්ලෑව වලව්ව, අහස් මාලිගා, මුතුලෙන්දොර, නීල පබළු, පිනි, සිල්ලර සමනල්ලු වැනි ටෙලිනාට්‍ය නිර්මාණ හරහා මෙන්ම කොළඹ සන්නිය, රිටන්ස් චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ දෙමින් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වුණා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට අලුතෙන් නාලක විතානගේ මහතාගේ ‘ගෝලා’ චිත්‍රපටය ප්‍රධාන චරිතයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය ඇයට රංගන ජීවිතයේ ලැබුණු සුවිශේෂී අත්දැකීමක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ පාසල කඩවත විද්‍යාලෝක විද්‍යාලය. ඉතින් පාසල් කාලේ ඉඳලාම රංගනයට ඇයට ලොකු ආසාවක් තිබුන නිසා ටෙලි නාට්‍ය බලද්දි කවදාහරි දවසක මේ විදියට රඟපානවා කියලා හීනයක් ඇයගේ හිතේ තිබුණා කියලයි ඇය කියන්නේ.හැබැයි ඇයට පාසල් මට්ටමින් ඒකට අවස්ථාව ලැබුණේ නැහැලු. මොකද නාට්‍ය විෂය ඒ කාලේ ඇයගේ පාසලේ තිබුණේ නැති නිසා. ඒ නිසාම ඇය හදාරලා තියෙන්නේ නර්තනය.

ඉතින් ඇය පාසල් අධ්‍යාපනය ඉවර කරලා මහේන්ද්‍ර පෙරේරාගෙන් සහ දමයන්ති ෆොන්සේකාගෙන් රංගනය පිළිබඳ පාඨමාලා හදාරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ 2017 දි තමයි ඇය මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ. ඒ තමයි ‘සංසාරා’ කියන ටෙලි නාට්‍යය. කොහොම නමුත් අලුතෙන් කලාව වගේ ක්ෂේත්‍රයකට ආවාම කැපිලි කෙටිලි, ප්‍රතික්ෂේපවීම්, අයුතු යෝජනා කියන්නේ සාමාන්‍ය දෙයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒවාගේ දේවල්වලට ඇය ඇති තරම් මුහුණ දීලා තියෙනවාලු. ඒ වගේම කලාව ඇතුළෙ ගමනක් යනවා නම් ඒකට ඔළුව තියෙන්න ඕන මිසක් හදවතින් තීරණ අරන් මේ ගමන යන්න අමාරුයි කියලත් ඇය කියනවා.

ඉතින් ඇයට ලැබෙන ලැබෙන චරිත භාරගන්නේ ඇයට පුළුවන් නම් විතරයිලු. ඒ වගේම ප්‍රසිද්ධ වෙන්න ඕනෑම දෙයක් කරන නිළියක් නෙමෙයිලු ඇය. ඉතින් මේ ගත වූ වසර ගණන තුළ ඇය කරපු වැඩ ගැන ඇයට සතුටු වෙන්න පුළුවන් කියලත් ගයත්‍රී කියනවා. ඒ වගේම ඇයට ඇයගේ ජීවිතේ හොඳම මෝටිවේෂන් එක වුණේ ප්‍රතික්ෂේපවීම් කියලයි ඇය කියන්නේ. හැබැයි ඒ කාලේ ඇයව ප්‍රතික්ෂේප කරපු අය දැන් ඔවුන්ගේ නිර්මාණවලට ඇයට කතා කරනවාලු. ඉතින් උපරිම කැපවීමෙන් ඇය ඇයගේ තැන හදා ගත්ත නිසා අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 4,384

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes