Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මට මෙහෙම වුණේ මගේ අම්මා තාත්තා ඇවැස්ස නෑනයි මස්සිනයි වුණු නිසා.මම ජී’වත් වෙන්නෙ දවස් 3යි කියලා දොස්තරලා කියලා-රෝසි උඩුමුල්ල

Posted on February 24, 2023February 24, 2023

ජීවිතේ හැමෝටම ප්‍රශ්න එනවා යනවා. ඒක හැටියක්. ඒත් ඒ අතරිනුත් ජීවිතේ නොහිතපු විදිහට වෙනස්කම් වලට ලක්වෙනවා. සමහර මිනිස්සු සැබෑ ස්වරූපයට වඩා හාත්පසින්ම වෙනස්. ඒත් ඒ මිනිස්සුත් හදවතින්ම අපි වගේ. ඇය නමින් රෝසි උඩුමුල්ල. මේ තියෙන්නෙ ඇගේ කතාව..

“මට ඇත්තටම මෙහෙම වුණේ මගේ අම්මා තාත්තා ඇවැස්ස නෑනයි මස්සිනයි වුණු නිසා.. මගේ මුහුණේ ගොඩක් වෙනස්කම් තිබුණා. ඇස් වැහිලා, තොල් පැලිලා කට අරින්නවත් බැහැ. ඒ වගේම තව අසනීප ගොඩක් එක්ක තමයි මම ඉපදුණේ. දොස්තරලා මාව ජීවත් කරවන්න බැහැ කිව්ව නිසා, අම්මා මාව ගෙදර ගෙනත් තියෙනවා, දොස්තරලා කියලා තියෙනවා මාව දවස් තුනයි ජීවත් කරවන්න පුළුවන් කියලා”

“ගෙදර ආපු ගමන් ගමන් අම්මා මාව ගේ ඇතුළෙන් තියලා හයියෙන් දොර වහලා තියෙනවා. එතකොට මම එක සැරේම ගැස්සිලා තිබුණා. ඒකෙන් අම්මා දැනගෙන තියෙනවා මට කන් ඇහෙනවා කියලා. ඊට පස්සේ අම්මා අඬ අඬ මගේ ඇඟ මට උපරිම රිදෙන්න හයියෙන් කොනිත්තලා තියෙනවා. එතකොට මම අඬන්න උත්සහ කරලා තියෙනවා.” “ඒ වෙලාවේ අම්මා දැකලා තියෙනවා මගේ උගුරේ උඩ අතට තියෙන අසාමාන්‍ය පටලයක්.

මට කතා කරන්න අපහසු වෙන්නේ ඒක නිසයි කියලා අම්මා නිගමනය කරලා තියෙනවා. ඊට පස්සේ දොස්තරට කතා කරලා මේ ගැන කියලා.” “පස්සෙ අම්මේ මේ බබාව ජීවත් කරවන්න පුලුවන් කියල ඩොක්ටර් කියලා. පස්සෙ මගේ ඔපරේශන් එක කරලා තියනවා.. සෑහෙන්න ඔපරේශන් කළා. මුල් කාලේ ඉතින් සමාජයෙන් සෑහෙන්න වෙනස්කම් තිබ්බා..”

පසුගිය ලිපි

හැමෝම කියනවා මම පොඩි වයසට වැඩ ගොඩක් කළා කියලා.මම නිකන් ඉන්න වෙලාවට නටනවා-දසුනි සෙනෙත්මායි

මේ දවස්වල ලංකාවේ තරුණ තරුණියන් අතර විතරක් නෙවෙයි වැඩිමහල් පරම්පරාවත් ඉතාම ආදරෙන් නරඹන ලස්සන ටෙලිනාට්‍යක් තමයි රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ යෙනුකිගේ චරිතයට පන පොවන දසුනි සෙනෙත්මා, ඉතින් අද අපේ කතාබහට ආදරෙන් එකතු කරගන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන දසුනි සෙනෙත්මායි,

ඉතින් දසුනි කියන්නකෝ කොහොමද මේ ක්‍ෂේත්‍රයට අවේ ”මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට එන්නේ දෙරණ නාලිකාව හරහා ඒ දෙරණ ලිටිල් ස්ටාර් තරඟය හරහා, මම මුලින්ම ඉදිරිපත් වුනේ සීසන් 4 එකට ඊටපස්සේ මම සීසන් 5 එකෙන් අවසන් 5දෙනා අතරට ආවා, ඊටපස්සේ ළමා වැඩසටහන් වලින් පස්සේ වෙළඳ දැන්වීම් වලට පෙනී හිටියා, ඒ විදියට තමයි ආවේ” දසුනි රඟපාන්නේ ටෙලිනාට්‍ය වලට විතරට පුංචි තිරයෙන් රිදී තිරයට එන්න අදහසක් නැද්ද..? ”මම දැනටමත් ෆිල්ම් දෙකකට මගේ රංගන දායකත්වය ලබාදීල තියෙනවා,

ඒ වගේම මම බාරගත්ත තව පිල්ම් කිහිපයකම ෂූටින් වලටත් යන්න තියෙනවා, රාජිත හිරාන් අයියගේ රයිඩර් ෆිල්ම් එකේ රොෂාන් අයියා එක්ක එයාගේ පෙම්වතිය විදියට මම රඟපෑවා, ඒ වගේම සනත් ගුණතිලක සර්ගේ දඬුවම ෆිල්ම් එකේ කුසල් අයියගේ වයිෆ් විදියට රඟපෑවා,” සසුනි පොඩි වයසට වැඩ ගොඩක් කරලා නේ ” හැමෝම කියනවා මම පොඩි වයසට වැඩ ගොඩක් කළා කියලා, මම මීට වඩා වැඩ කරනවා හැබැයි මම අධ්‍යාපන වැඩ වලට මුලිකත්වය දීලා තමයි අනිත් වැඩ කලේ, ඇත්තම කියනවනම් මම රංගනයට වඩා ගොඩක්ම දක්ෂ ඉගනගන්න,

මගේ එකම අරමුණ අධ්‍යාපනයෙන් එහලටම යන්න, අදටත් මම වැඩ කරන්නේ ඒ ගැන හිතලා, මම ඒ සිහිනය සැබෑ කරගන්න එක තමයි මගේ තාත්තගේ ලොකුම ආසාව, ඉතින් ඒ දේ මම කොහොමහරි ඉෂ්ට කරනවා” දසුනි විවේකව ඉන්න වෙලාවට විනෝදාංශයක් වශයෙන් කරන්නේ මොකද්ද ”වෙලාවක් ලැබෙන හැම මොහොතකම මම පොතක් කියවනවා, එහෙම විශේෂ තේරීමක් නෑ, ෆිල්ම් බලනවා, විනෝදාංශයක් කියලා ලොකුවටම කරන්නේ නවකතා කියවන එක, අනිත් මම කැමතිම දේ පවුලේ අයත් එක්ක කාලය ගතකරන එක, හැබැයි මම නිකන් ඉන්න වෙලාවට නටනවා, පොඩිකාලේ ඉඳන්ම මම නටන්න ආසයි,

Post Views: 32,761

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes