Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඕනෑම බිරිදකට සැමියාව සතුටු කල හැකි වචන 9

Posted on February 6, 2023February 6, 2023

සැමියාට ආදරය කරන්නේ කෙසේද? හැමෝම හොඳ අහන්න කැමතියි. සමහර විටක නරක දවසක හොඳ වචනයක් ඇසීමත් සිතට සහනයක්.

නමුත් නිතරම හොඳ කියන්න ගියොත් එකෙත් අගයක් නැහැ. මොකද ඒක සමහර පුද්ගලයන් ප්‍රයෝජනයට ගන්න නිසා.

ඒත් ඉඳහිට සැමියා වුනත් බිරිඳගේ මුවෙන් හොඳක් අහන්න ලැබෙනවා නම් ඉන් රහසින් හුඟක් සතුටට පත්වෙනවා.

විවාහයකට ඇගයීම තිබිය යුතුමයි. වැදගත්කම වන්නේ එය කොතරම් අවංකවද යන එකයි. සාමාන්‍යයෙන් සැමියන් බිරිඳගේ හොඳ අගයනවා. “ඔයාගේ කෑම ටික හරිම රසයි”. “ඔයා නම් අද හරිම ලස්සනයි. හැමෝම ඉස්සරහ කැපිලා පේනවා”. බිරින්දෑවරුන් ඇගයීම් කරන්න එතරම් ලෝබ නැහැ.

ඒත් එය කොයි මොහොතේ කළ යුතුදැයි ඔවුන් හරියට දන්නේ නැහැ. පිරිමින් හුඟක් වෙලාවට බිරිඳගේ මුවෙන් ලැබෙන ඇගයීම නිසා සතුටුවන බව වැඩිය පෙන්නේ නැහැ. නමුත් හිත ඇතුලෙන් ඔවුන් හුඟක් සතුටු වෙන දේවල් තියෙනවා.

සැමියාට ආදරය කරන්නේ කෙසේද? ඔබේ සැමියා සතුටින් තබන්න මේ ඉඟි 9 ගැන සිතා බලන්න.

01. ඔහුගේ ඇඳුම් පැළඳුම්
කාන්තාවන් තරම් පිරිමින් ඇඳුම් පැළඳුම් ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ලස්සනට ඇන්ඳහම එය අගය කරනවට ඔවුන් හුඟක් කැමතියි. මෙහෙම දවසක කැපී පෙන්න ඇඳලා ඉන්නකොට ඔහුගේ සපත්තු දෙක, ටයි එක, කලිසම, කමිසය ගැන අගයන්න ඔබට පුළුවන්.

02. ඔහුගේ ආරක්ෂාව ඔබට වටිනා බව
ඔහු ඔබට ආරක්ෂාව සපයන බව දැනෙන බව හැඟවීම නිසා ඔහු ඔබේ ජීවිතයට වැදගත් අයෙකු බව සිතාවි. ඒ නිසා ඔහුට ඔහු ගැන හා පිරිමි කම ගැන අභිමානයක් දැනෙනවා. ඒ නිසා ඔහුගේ ආරක්ෂාවේ වටිනාකම අගයන්න.

03. ඔහුගේ සුවඳ
ඔහුගේ විලවුන් සුවඳ, ඩියෝඩරන් සුවඳ හමන නැවුම් බවට ඔබ ආකර්ෂණය වෙන බව අඟවන්න. ඔබ එය ඇඟවීම මෝඩ කතාවක් වගේ හිතුනත් හිතින් ඔහු එයට කැමතියි. එය ඔහුගේ පෞරුෂයට වැදගත්.

04. ඔහුගේ හිසකෙස්
සැමියන් තමන්ගේ හිසකෙස් ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැති තරම්. නමුත් ඉන් කියන්නේ ඔවුන් ලස්සනට ඉන්න කැමති නැහැ කියන එක නෙමෙයි. ඒ නිසා ඉඳහිට කොණ්ඩය කපන්න සැලෝන් එකට ගිහින් ආවහම ඔහුගේ අලුත් කොන්ඩ විලාසිතාව ගැන ඇගයීමක් කරන්න.

05. ඔහුගේ නුවණ
මෙය පුංචි කාලේ ඉඳන්ම හැමෝටම බලපාන සත්‍යක්. නිතරම ඔබට ඔබේ නුවණ හැකියාව අගයන අය ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ සැමියා නුවණක්කාර දෙයක් කළොත් කිව්වොත් ඒ ගැන කතා කරන්න. මේ නිසා ඔහුට ඔහුගේ සුවිශේෂී බව ගැන අන් අය කතා කිරීම ආඩම්බරයට කරුණක් වෙනවා.

06. ඔහුගේ ශක්තිය
පිරිමින් ඔවුන් ශක්තිමත් බව අහන්න කැමතියි. සමහර විට පාලනයටත් පුරුෂාධිපත්‍යටත් ඔහු කැමතියි. ඉතින් සමහර වෙලාවට ඔහුගේ මතයට ඇහුම්කන් දෙන බව ඇඟවීම ඔහුට සතුටක්.

07. විශ්වාසය පතන බව හා ඔහුගෙන් යැපෙන බව
සැමියන් ඔහු නැතිව යමක් කරන්න බැරි බව දැන ගැනීමටත් කැමතියි සහ ඔහු කොයිතරම් විශ්වාස දායක දැයි කීමත් සතුටක්. මන්ද ඔහුත් ඔබ වගේම විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරන නිසා. ඒ නිසා ඔහු ගැන තැබිය හැකි විශ්වාසය හා ඔහුගෙන් යැපෙන බව දැනීම ඔහුට සතුටක්.

08. ඔහුගේ විහිලු අගයන්න
ඔහුගේ සමහර විහිලු අගය නොකලත් ඔහු ඔබව සිනහවෙන් තබන බව ඇඟවීම වැදගත්. සැමියන් බිරිඳට විහිලු තහළු කරන්න කැමතියි. සමහර දේවල් ඔබව කේන්ති ගස්සන්නට කරන විහිළු වුනත් ඔහු එය කරන එක ගැන ඉවසීම ඔහුට වටිනවා.

09 ඔහුගේ පෙනුම
ඔහු කිසි විටකත් පෙනුම ගැන ඔබ තරම් නොසිතනවා වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ පෙනුම ගැන නොසිතනවා යැයි කියන්න බැහැ. ඔහුගේ පෙනුම ඇගයීම ඔහුට සතුටක්. ඔහුගේ පෙනුම ඇගයීම සමගම ඔබට ඔහු ප්‍රසංශා කරනවා.

විවාහය එක්තරා විදිහකට ක්‍රීඩාවක් වගෙයි. නමුත් එහි පිල් බෙදීමක් අවශ්‍ය නැහැ. අවසානයේ ජයග්‍රහණයක් එක් අයෙකුට නොලැබුනත් දෙදෙනාටම ලැබෙනවා. දෙදෙනා දෙදෙනාව සතුටු කරන, දෙදෙනා දෙදෙනා පරයා නොයන සහයෝගීත්වයෙන් යුතු අභියෝගයක් වගෙයි. ඒ අභියෝගය ජයගන්න.

Post Views: 21,523

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes