Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අනුන්ගේ ගීත ගායනා කළ ගොඩක් තරු කෙටි කාලෙකින් කඩාගෙන වැටුණා – කිර්ති පැස්කුවල්

Posted on January 22, 2023January 22, 2023

ඔහු ගෙවන තත්පරයක් පාසා තාරුණ්‍යය කරා ගමන් කරන්නෙක්. ලයාන්විත කටහඬින් හදවතේ ප්‍රේමණීය සිතුවම් මවන්නෙක්. දුකෙන් පිරුණු හිත් ආදරෙන් වැලඳ ගන්නෙක්. එකී සියලු විශේෂණයන් තනි නමකින් හැඳින්වුවත් ඔහු කීර්ති පැස්කුවල් නම් ලත් සොඳුරු ගායකයායි. තවත් නොබෝ දිනකින් ඔහුගේ මනමාල හැන්දෑව ගී ප්‍රසංගය ද පැවැත්වෙනවා.

අලුත් වැඩකට අතගැසුවා කියලා ආරංචියි. ඒ ගැන කිව්වොත් …?

ඒක පුද්ගල ගීත ප්‍රසංගය මගේ උපන්දිනය දින එනම් ජනවාරි 29 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. නෙළුම් කුලුන රඟහලේ හවස 6.45 ට මනමාල හැන්දෑව නමින් එය පැවැත්වීමට නියමිතයි. ප්‍රසංගය තුළ මගේ ගීත විසි අටක් ගායනා කරනවා. අලුත් ගීත පහක් ඊට අන්තර්ගතයි. ප්‍රේක්ෂකයන්ට විවිධ භාවයන් දැනවීමට ගීත කොටස් හතරකට බෙදා ගායනා කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රසංගයේ දී යුග ගීත කිහිපයක් ද ගැයෙනවා. නිරෝෂා විරාජිනී, ධම්මිකා බණ්ඩාර, සමිතා මුදුන්කොටුව, චන්ද්‍රලේඛා පෙරේරා වැනි ප්‍රවීණ ගායිකාවන් සමඟම මාගේ දියණිය චාරුණී පැස්කුවල් හා මාගේ ලේළිය චේතනා රණසිංහ යුග ගායනාවෙන් මට සහයෝගය ලබා දෙනවා. නාලක සජී රණසිංහ ඊට සංගීතය සපයනවා.එහි නිවේදන කටයුතු සිදුකරන්නේ සාරංග දිසාසේකර. මෙම ප්‍රසංගයට නර්තනයෙන් දායක වන්නේ චන්න උපුලි රංගායතනයයි. මෙය සැලසුම්කර තිබෙන්නේ චිත්‍රපටයක් විලසිනුයි. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට මගේ ධ්‍යානයෙන් මිදෙන්න මම ඉඩ තියන්නේ නැහැ. එය රාමුවෙන් රාමුවට සැලසුම් කර තිබීම වඩාත් සුවිශේෂීයි.

ප්‍රසංගය මනමාල හැන්දෑව ලෙස නම් කිරීමට සුවිශේෂී හේතුවක් තිබෙනවාද?

2019 වර්ෂයේ දී මනමාල හැන්දෑව නමින්ම මම ප්‍රසංගයක් පැවැත්වූවා. එය ටිකක් වෙනස් වගේම සුවිශේෂී නමක්. උපාලි බණ්ඩාර ලියු මගේ ගීතයක් ඒ නමින් තිබෙනවා.

ඔබේ පවුලම සංගීතයට ලැදි වීමත් සුවිශේෂී ලක්ෂණයක් නේද?

මගේ දියණිය, පුතා, ලේළිය ගීත ගායනා කරනවා. මම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මගේ සහෝදරයා පද්මසිරි පැස්කුවල් නිසයි. එතුමා මේ වන විට ජීවතුන් අතර නැහැ. ඔහු දක්ෂ ගිටාර් වාදකයෙක්. සංගීත අධ්‍යක්ෂක වරයෙක් වගේම සැක්සෆෝන් වාදකයෙක්. මගේ අයියාගේ පුතා මහේන්ද්‍ර පැස්කුවල් ඔහු දක්ෂ ගිටාර් වාදකයෙක්. රවී පැස්කුවල් ගායන ශිල්පියෙක්. ඔහුගෙ අනිත් පුතා ගෙවිඳු පැස්කුවල් ඔහු දක්ෂ ගායකයෙක් වගේම ගිටාර් වාදකයෙක්. එසේ සංගීතයට අදාළ වූ පවුලක් මා වටා ගොඩනැඟී තිබෙනවා.

ගායකයාගෙන් වෙන් වූ සමාජ සේවකයා ගැන අපි කතා කරමු.

මම ජීවිතය ආරම්භ කළේ දුක්බර සමාජ වටපිටාවක. මගේ පියා කුඩා කාලයේ දී ම මිය ගියා. අම්මා මාව බලාගත්තේ බොහොමයක් දුෂ්කරතා මැද්දේයි. අද මම යම් යහපත් සමාජ වටපිටාවක ජීවත් වන්නේ ප්‍රේක්ෂකයා මගේ ගීත ප්‍රිය කරන නිසයි. ඒ නිසා මං කලාවෙන් ඔවුන්ව පිනවනවා වගේම සමාජයටත් යම් මෙහෙවරක් කළ යුතුයි යන මතයක සිටිනවා. මම මේ වන විට help circle ලෙස ආයතනයක් පවත්වාගෙන යනවා. එකී ආයතනයේ මාත් සමඟ නීතිඥ නිලංකා නානායක්කාර, නෙලුම් ජයවීර යන අය සම්බන්ධ වී සිටිනවා. එකී ආයතනයෙන් මීට වසර තුනකට පෙර අපේක්ෂා රෝහලට ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට මුල් පියවර තැබුවා. එය විවෘත කර වසර දෙකක කාලයක් තුළ රෝගීන් දෙසීයක් එහි ප්‍රතිකාර ලබා සුව වී තිබෙනවා. කොතලාවල ආරක්ෂක රෝහලට උදර ආශ්‍රිත පිළිකා වලට ප්‍රතිකාර කරන යන්ත්‍රයක් ලබා දුන්නා. එයින් සම්පූර්ණයෙන්ම පිළිකා සෛල ඉවත් කිරීමට හැකිවන නිසා එයින් සුව වූ රෝගීන් සංඛ්‍යාවත් විශාලයි. මෙම ප්‍රසංගය අවස්ථාවේදී සහකාර අරමුදලක් පිහිටුවා දනට පිනට කැමති අයට එයට දායක වීමටත් අප අවස්ථාවක් ලබා දෙනවා.

ඔබගේ සමකාලීන ප්‍රවීණයන් පැවැත් වූ ප්‍රසංග බොහොමයක් මේ වන විට නවතාදමා තිබෙනවා. නමුත් ඔබ තවමත් ප්‍රසංග පවත්වනවා. එයට රහසක් තිබෙනවාද?

බොහොමයක් ගායික ගායිකාවන් ජනප්‍රිය අවධියේ ගීත ගායනා කර ජනප්‍රියත්වය අඩු වන විට ඔවුන් ගායනයෙන් ඈත් වෙනවා. එසේ ඈත් වීමම ඔවුන්ට අවාසි සහගත ලෙස බලපානවා. ඉන් පසුව ඔවුන්ට පෙර ලෙස ජවයෙන් ගායනා කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මට කලින් කලට නව පරපුරත් සමඟ ගීත ගායනා කිරීමට වාසනාව හිමි වූ නිසා එවැනි අර්බුදයක් ඇති වුණේ නැහැ. ඒ වගේම මම සංගීතය හා ගායනය උගන්වන ගුරුවරයෙක්. එකී ඉගැන්වීම් තුළ කටහඬ නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා වගේම ගායනයට සුදුසු පුහුණුවීම නිරන්තරයෙන් ලැබීමත් හේතුවක් වෙනවා. මම ගායකයෙක් කියා ඔළුව උදුම්මාගෙන ජීවත්වන විට සමාජයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. මම අදටත් පොළොවේ පය ගහලා ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් නිසා ලොකු, පොඩි සැවොම මට ආදරෙයි.

උප්පැන්න තියෙන නමට වඩා වෙනස් නමක් නේද ඔබ භාවිත කරන්නේ..

මගේ උප්පැන්නේ තියෙන්නේ පැස්කල් වසම් ආනන්ද කීර්තිරත්න කියලා. මට පාසලේදී ආමන්ත්‍රණය කළේ කීර්තිරත්න කියලා. ඉන්පස්සෙ එය යහළුවන් අතර කීර්ති වුණා .පැස්කල් කියල මගේ උප්පැන්න සහතිකයේ තිබුණට මගේ තාත්තාගේ පෙළපත් නාමය පැස්කුවල්. ඒ නිසා මං මගේ තාත්තගේ පෙළපත් නාම පාවිච්චි කරනවා. මම කලාවට සම්බන්ධ වෙනකොට කීර්තිරත්න කියන නම ගැළපෙන්නේ නැති නිසා කීර්ති ලෙස මං පාවිච්චි කළා. ඒ නමත් මිනිස්සු අතර නැගලා ගියා.

තරු සංකල්පයෙන් තරු හඳුන්වා දුන්නත් ඔවුන් කෙටි කාලයකින් කඩාගෙන වැටෙනවා. ඇත්තටම ගායන තරු කලා අඹරේ එහෙම අතරමං වෙන්නේ ඇයි?

රියලිටි තරඟවල වැඩිම කාලයක් විනිශ්චය මණ්ඩලයේ සිටි එකම පුද්ගලයා මමයි. එනිසා එම දරුවන්ගේ යථාර්ථය මම දකිනවා. මෙම තරගකරුවන් ජනප්‍රිය වී ඉහළට එසවෙන්නේ වගේම මාධ්‍යයෙන් ඔසවා තබන්නේ තමන්ගේ ගීත ගායනා කිරීමෙන් නෙමෙයි. ඔවුන් ප්‍රේක්ෂකයන් අතරට යන්නේ කාගේ හෝ ගීතයක් ගායනා කළ ආධුනිකයෙක් ලෙස පමණයි. මෙම පුද්ගලයන්ගේ පැවැත්ම තහවුරු වන්නේ තමන්ගේ ගීතයක් නිර්මාණය කර එයට ප්‍රේක්ෂක ආදරය හිමි වූ දිනකයි. අනුන්ගේ ගීත ගායනා කිරීමේ මාර්ගයේ ගමන් කළ ගොඩක් තරු කෙටි කාලෙකින් කඩාගෙන වැටුණා. ඒ වගේම තමන්ගේම ගීතයක් නිර්මාණය කළත් ඒවා බොහොමයක් ජාතික මට්ටමට ගෙන යෑමට තරම් ජනප්‍රියත්වයක් හිමි වුණේ නැහැ. එම දරුවන්ගේ හැකියා මම කිසිවිටෙකත් අවතක්සේරු කරන්නේ නැහැ. අප ක්ෂේත්‍රයට පිවිසෙන විට අපට තිබුණු හැකියාවට වඩා අලුත් පරම්පරාවේ දරුවන් දක්ෂයි. නමුත් ඔවුන් එකම රැල්ලක ගීත නිර්මාණය කිරීමට පෙලඹෙන නිසා එය වැලඳ ගන්නා ප්‍රමාණය අඩු වෙනවා. එවැනි තත්ත්වයන් තුළ ඔවුන්ට පැවැත්ම ගොඩනඟා ගන්න අපහසුයි.

සටහන – රසඳුණ අතිරේකයෙන්

Post Views: 4,704

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes