Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම නිලියකට පෙම් කලා. අවසානෙදි අපි දෙන්නා හොදම යාලුවො වෙලා අපි දෙන්නගෙම ආදරේ යටපත් වුණා.- වෛද්‍ය ප්‍රමිත මහානාම

Posted on January 22, 2023January 22, 2023

භූමිකා දෙක තුනක් එකවර කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. විශේෂයෙන්ම නිවේදනය හා වෛද්‍යවරයකු හැටියට කටයුතු කිරිම. කාලයක් හිරු නාළිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකයෙක් වූ ඔහු දැන් ජනප්‍රිය යූ ටියුබ් තරුවක්. වෛද්‍යවරයකු හැටියට රෝගීන් සුවපත් කරන ගමන් කලාවට සම්බන්ධ වෙලා ඉන්න මේ කඩවසම් වෛද්‍යවරයා එක්ක මේ විදිහට කතා කරන්න හිතුවා. ඔහු නමින් වෛද්‍ය ප්‍රමිත මහානාම.

කොහොමද චිල් පිල් විත් ඩොක්ටර් ප්‍රමිත, මේ දවස්වල ගැහැනු ළමයි අතරේ ජනප්‍රියයි නේද ..?

මම මගේ යූ ටියුබ් නාළිකාවෙන් “චිල් පිල් විත් ඩොක්ටර් ප්‍රමිත“ කියලා අලුත් තාලයේ වැඩසටහනක් කරනවා. ඒකට වැඩිපුර ප්‍රතිචාර එන්නේ ගැහැනු ළමයින්ගෙන්. බොහෝ අය කතා කරන්නේ “ඩොක්ටර් චිල් පිල්“ නේද කියලා. හොස්පිට්ල් එකට එන රෝගීන් පවා මම මාස්ක් එක දාගෙන ඉන්නකොටත් අඳුරගෙන කතා කරනවා. ඒ වගේම ෆේස් ටූ ෆේස් කියලා කාලීන දේශපාලන වැඩසටහනක් කරනවා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉස්සර කතා කළේ නිව්ස් ඩොක්ටර් කියලා . දැන් ඒක වෙනස් වෙලා

ප්‍රමිතව බලන්නම රෝහලට රෝගීන් වෙලා එන අයත් ඇති..?

එහෙම එන අයත් ඉන්නවා. ඇවිත් කතා කරන්න බැරි වුණොත් සෙල්ෆියක් ගන්න ආවේ කතා කරන්න බැරි වුණා. අහවල් දවසේ ආවොත් ඩොක්ටර් හොස්පිට්ල් එකේ ඉන්නවද කියලා අහන අයත් ඉන්නවා. ඒ වගේම මම මට පුළුවන් විදිහට ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් වලට ලැබෙන මැසේජ් වලට උත්තර යවනවා.

වැඩසටහන් ඇතුළේ ඩොක්ටර් ප්‍රමිත මහානාම කියලා පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද, වෙනම බ්‍රෑන්ඩ් එකක් හදා ගන්නද..?

ආකර්ෂණය හා වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒක සාර්ථක වුණා කියලා හිතනවා ලැබෙන ප්‍රතිචාරවලින්. ඔය විදිහට මම මගේ නම භාවිත කරනවද නැද්ද කියලා ලංකාවේ ඉන්න ප්‍රවීණ වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ගෙන් හා මාධ්‍යවේදින් කිහිප දෙනෙකුගෙන් ඇහුවා. හැමෝම කිව්වේ ඔබ වෛද්‍යවරයෙක් නිසා එහෙම නම භාවිත කරන්න කියලා. වැඩේ අල්ලලා ගියා.

බොහෝ නාළිකා විදෙස් වැඩසටහන් කොපි කරනවා , චිල් පිල් කියන්නේ එහෙම කොපියක් ද..?

කොහෙත්ම නැහැ. හැබැයි මගේ වැඩසටහන වෙන ප්‍රධාන නාළිකාවක් කොපි කරලා කියලා එක්තරා වැඩසටහනක් බලද්දී තේරෙනවා. බොහෝ දෙනෙක් කතා කරලා කිව්වා චිල් පිල් කොපි කරලා කියලා. මාත් බැලුවා. මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් වගේම සිංහල මාධ්‍යයෙන් ඒක කරන්නේ. එන ආරාධිත කෙනාව අපහසුතාවට පත් නොකර .

ඔබ ප්‍රධාන නාළිකාවක ආරම්භක ප්‍රවෘත්ති නිවේදකයෙක් , වසර එකොළහක් නිවේදකයෙක් විදිහට ඉඳලා එකපාරටම ඉවත් වුණේ අයි..?

මම හිරු නාළිකාවේ මුල්ම සති අන්ත ප්‍රවෘත්ති නිවේදකයෙක්. ඒ වාසනාව මට හිමි වුණා. ඒ වෙද්දී මම වෛද්‍ය ශිෂ්‍යයෙක්. පසුව වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන ගමන් මම නිව්ස් කිව්වා. ඒ අවස්ථාව ලබා දුන්නට එහි සභාපති රෙනෝ සිල්වා මහතාට ස්තූතිවන්න වෙනවා. මට අලුත් සංකල්ප එක්ක අලුත් දෙයක් කිරිමේ අවශ්‍යතාවය තිබ්බ නිසා 2021 අවුරුද්දේ ඒ නාළිකාවට සුහදව සමුදීලා මගේ යූ ටියුබ් නාළිකාව පටන් ගත්තා. හිතුවට වඩා වේගයෙන් මගේ වැඩසටහන් සමාජය පිළිගත්තා. තවත් නාළිකා දෙකකින් මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා. වෙනස් දෙයක් කරන්න ඉඩක් ලැබුණොත් ඊට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල වැඩිදුර අධ්‍යාපන කටයුතු නිසා ටිකක් ඒක කල් දැම්මා.

රඟපාන්න ආරාධනා නැද්ද ..?

ආරාධනා දෙකක් ලැබුණා. විවිධ හේතු නිසා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරා. මම වෛද්‍යවරයෙක් නිසා හරි පරිස්සමින් රංගනයට සම්බන්ධ වෙන්න සිදු වෙනවා.

කාලෙකට කලින් ජනප්‍රිය නිළියකට පෙම් කළා නේද ..?

ඔව්. කාලෙකට කලින්. අන්තිමට අපි දෙන්නා හොඳ යාළුවෝ වෙලා අර අදහස යට ගියා. දැන් යාළුවෝ විතරයි

දැන් පෙම්වතෙක්ද ..?

තවම නැහැ. යාළුවෝ මට කියන්නේ තනිකඩ සංගමයේ සභාපති කියලා .

ප්‍රථම ප්‍රේමය නිසා ප්‍රමිත විරහා වේදනා විඳලා තියෙනවා ද..?

මම මුලින්ම ආදරේ කළේ වෛද්‍ය ශිෂ්‍යාවකට. එයා දැන් විවාහ වෙලා දරුවෝත් ඉන්නවා. ඒ ගැන දැන් නම් හිතෙන්නෙවත් නැහැ. ඇත්තටම ඒක විරහවක් කියලා මට හිතන්නේ නැහැ . ආයෙත් ඩොක්ටර් කෙනෙක්ට ආදරේ කරනවා නම් දෙපාරක් හිතන්න වෙනවා.

සාමාන්‍ය තරුණියන් වගේම වෛද්‍යවරියන් ජනප්‍රිය ප්‍රමිතට ප්‍රේම කරනවාත් ඇති ..?

වෛද්‍යවරියන්ගෙන් වගේම ඇතැම් විට ඔවුන්ගේ දෙමාපියන්ගෙන් විවාහයට යෝජනා එනවා. තවම එහෙම හිත ගිය කෙනෙක් නැහැ. මම ආදරේ දි තේරීම් කරනවා වැඩියි. ඒ නිසා හරි කෙනෙක් හරියටම තෝරා ගන්න අමාරු තත්ත්වයක මේ දවස්වල ඉන්නේ.

ප්‍රමිත කාලෙකට කලින් කිව්වා ළමයි පස් දෙනෙක්වත් හදන්න ඕන කියලා , තවම ඒ අදහසේද ඉන්නේ…?

දැනටත් ඒ අදහසේ තමයි ඉන්නේ. බඳින කෙනා කැමති වෙයිද දන්නේ නැහැ. රටේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්කත් දැන් නම් හිතන්න වෙනවා.

ප්‍රමිත ජිම් යන්නේ ෆැෂන් එකටද? එහෙම නැත්තම් වෛද්‍යවරයෙක් විදිහට සෞඛ්‍ය ගැන හිතලද..?

මම කාලයක් ස්පෝට්ස් කරා. ජිම් යන්න ඒක එක හේතුවක්. අනිත් එක නිවේදකයෙක් විදිහට පෞරුෂය හරියට පවත්වාගෙන යන්න ඕන. ප්‍රසන්න පෙනුමක් තියෙන්න ඕන. ඔය හේතු නිසා තමයි මම තවම ජිම් යන්නේ. එහෙම නැතුව කවුරුත් කරන නිසා නෙමෙයි . වෛද්‍යවරයෙක් හැටියට මම මගේ නීරෝගිකම ගැන අංක එකට හිතනවා.

Post Views: 18,393

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes