Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මුහුදු රළ සමඟ පොර බැද රුසියානු කත බේරාගත් ලංකාවේ වීරයා

Posted on January 17, 2023January 17, 2023

ලංකාවටම ආවේණික නමක් ඇති රුසියානු ජාතික ‘ලීලා’ ඇතුළු පිරිස පසුගියදා මෙරටට පැමිණියේ අපේ රටට තිබුණ ආදරය නිසාමය. එමෙන්ම මෙලොව එළිය නොදුටු දරු පැටියා වෙනුවෙන් හිත සතුටින් කෙලිදෙළෙන් ගත කිරීමට ඇති සුන්දරම ස්ථානය ශ්‍රී ලංකාව බව තීරණය කිරීමට ‘ලීලා’ දෙවරක් සිතුවේ නැත.

එමෙන්ම ඔවුන් මෙරටට පැමිණ ටික දිනක් ගත කිරීමට තීරණය කළ අම්බලන්ගොඩ ප්‍රදේශයේය. ඊට හේතුව අම්බලන්ගොඩ විවිධ දේ සඳහා ආවේණික වීම සහ මනරම් මුහුදු වෙරළක්, වෙස් මුහුණු, කෝලං නැටුම් ඇතුළු නැරඹීමට සුදුසු විවිධ ස්ථාන රැසකින් යුත් සංචාරක පුරවරයක් වූ හෙයිනි. ‘ලීලා’ ලංකාවේ මුහුදු වෙරළට මහත් සේ ප්‍රිය කළාය. එබැවින් දවසේ වැඩි වේලාවක් මුහුදු වෙරළේ ගත කිරීම ඇගේ සතුට වූවාය. පසුගියදා ඇය මුහුදේ නාමින් සිටියේ මහත් සතුටිනි. බොහෝ වේලාවක් වෙරළේ ගත කළ අතර ඇය ටිකින් ටික ගැඹුරු මුහුදට ගියේ ඇයවත් නොදැනුවත්වය. ඇය මුහුදේ ගිලෙන බව දැනෙන විටත් සිදුවිය යුතු දේ සිදුවී හමාරය.

ඇය ගොඩට එන්නට උදවු ඉල්ලා කෑ ගැසුවාය. එහෙත් එය කිසිවෙකුට ඇසුණේ නැත. ඒ අසල ජොනා ෆේස් බීච් හොටලයේ ඇගේ ගැලවුම්කරු සිටියේය. ඔහු එහි කෑම ගනිමින් සිටියදී මුහුදේ ගසාගෙන යන අයෙකු දුටුවේය. ඔහු විදුලි වේගයෙන් වෙරළට පැමිණ නිමේෂයෙන් මුහුදට පැන ජල රකුසා සමඟ පොර බදා ‘ලීලා’ බේරා ගත්තේ සැබෑ වීරයෙකු ලෙසිනි.

‍අද රටේ තරුණ තරුණියන්ගේ විවිධ නොමනා ක්‍රියා අසන දකින ඒවා ගැනම ලියන්නට සිදුවන රටක මෙවන් මිනිසුන් ගැන අසන්නට ලැබීමත් භාග්‍යයකි. එලෙස ලීලා බේරාගත්තේ සංජීව කුමාරය.

තම දිවි පරදුවට තබා රුසියානු ජාතික කාන්තාවගේ දිවි බේරා දුන් සංජීව කුමාර කියන්නේ මෙවැනි කතාවකි.

“මම හෙප්පුමුල්ලෙ ජොනා පේස් බීච් ‍රෙස්ටුරන්ට් එකේ වැඩ කරන්නෙ. මං එදා කෑම ගන්න කොට දැක්කා කෙනෙක් මුහුදේ ගිලීගෙන දියඹට ඇදෙනවා. ඒ එක්කම මම එතැනට වේගෙන් දුවගෙන ගියා. මොකද මම දන්නවා තත්පරයක ප්‍රමාදයෙන් ජීවිතයක් අහිමි වෙන්න පුළුවන් කියලා.“ ඔහු එලෙස පවසමින් ලීලා බේරා ගැනීමට සිදුකළ වීර ක්‍රියාව ගැන වැඩිදුරටත් පවසන්නට වූයේය.

“මම මීට පෙර අනන්තවත් මුහුදේ ගිලෙන අය බේරාගෙන තිබෙනවා. ගිය සතියෙත් කෙනෙක් බේරගත්තා. එයා තමයි රුසියන් තරුණිය ලීලා. ඇයව බේරගන්න මම එදා මුහුදට පැනලා වේගයෙන් පීනාගෙන ගියා. එයා ළඟට කිට්ටු කරල කිවුවා. මම ඔයාව බේර ගන්නවා. කලබල කරන්න එපා කියල. එයා කලබල කළේ නැහැ. ඒ නිසා මට ටිකක් පහසු වුණා එයාව බේර ගන්න. ගොඩට ආවට පස්සේ එයාට හරිම සතුටුයි. මාව බදාගෙන ටිකක් වෙලා ඇඬුවා. මේ වගේ ජීවිතයක් බේරගන්නවා කියන්නේ අපිටත් හරිම සතුටක් දැනෙනවා. ලොකු පිනක්. ඒ වගේම රටටත් කීර්තියත් තව තවත් සංචාරකයින් එන්න පෙලඹෙනවා. ඒ අය තම රටට ගිහින් කියනවා මම ලංකාව ගැන. මේ වගේ දෙයක් කරලා කිසිම කෙනෙක්ගෙන් ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් මම වගේ ජීවිතයත් මරණයත් අතර සටන් කරල ජීවිත බේරගන්න අය ගොඩක් ලංකාවෙ ඉන්නවා. ඒ අයට රජයෙන් කුමක් හෝ උපකාරයක් ලබා දිය යුතුයි කියලයි මම හිතන්නෙ. අඩුම ගානෙ අපි වගේ අයට රක්ෂණ ආවරණයක් හරි රජයෙන් දිය යුතුයි. මිනිස්සු බේරගන්න ග‍ඟේ මුහුදෙ පැනල මැරුණු අය කොච්චර ඉන්නවද? එයාලගෙ දරු පවුල් අනාථයි“ යනුවෙන් ඔහු පැවසුවේය.

ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු ලීලාට පමණක් නොව සිය කුස දරා සිටින බිලිඳාටද මෙලොව එළිය දකින්නට වාසනාව උදාකර දුන් සංජීවට අනේකවාරයක් ස්තූතිය පුද කරමින් රුසියානු ජාතික ‘ලීලා’ සිය බිහිසුණු අත්දැකීම ගැන මෙසේ පැවසුවාය.

“මම හීනෙන්වත් හිතූ දෙයක් නොවෙයි වුණේ. මට හිතාගන්නවත් බෑ මේ සිදුවීම. මටයි ලැබෙන්න ඉන්න දරු පැටියටයි තවදුරටත් මෙලොව එළිය දකින්න වාසනාව පාදල දුන්න සංජීවට කොහොම සලකන්නද කියල මට හිතාගන්නවත් බෑ. ඒ සිදුවීම මතක් වෙනකොටත් මට හිතට බියක් දැනෙනවා. ඒ අත්දැකීම ආපහු මතක් කරන්නත් මම බයයි. ශ්‍රී ලංකාව කියලා කියන්නෙ සංචාරය කරන්න හොඳ යහපත් මිනිස්සු ඉන්න රටක්. මේ රටට මම ආදරෙයි. මම සංචාරවලට විදේශගත වෙන්න ඉන්න අය කාගෙනුත් ඉල්ලනව මේ වගෙ අමාරු අවස්ථාවකට ලංකාව පත්වෙලා තියෙන මොහොතක ලංකාවට ඇවිල්ල සිරි නරඹන්න කියල.“ ලීලා එලෙස පවසන්නට වූයේ හැඟුම්බරවය.

උපුටා ගැනීම : සිළුමිණ පුවත්පත.

Post Views: 4,775

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes