Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

තාත්තා නළුවෙක් නිසා හැමෝම වගෙ හිතන්නේ ඒ මගෙ තාත්තා නෙවෙයි කියලා – ඕෂධී හේවාමද්දුම

Posted on January 13, 2023January 13, 2023

කලා අඹරේ පායන තරු එක් කාලයකදී බැබළී තවත් කාලයකදී කඩන් වැටෙයි. නමුත් ඇතැම් තරු නිර්මාණ තුළින් නොපෙනුණත් ඔවුන් පිළිබඳ මතකය බිඳුවකුදු අඩු වන්නේ නැත. එවන් තරු ගුණය ඇති රංගන ශිල්පීන් අතළොස්සක් අතරෙහි මැයද සාමාජිකාවකි. ඇය නමින් ඕෂධී හේවාමද්දුමයි.

කොහොමද අලුත් අවුරුද්දේ අලුත් සැලසුම්..

අලුත් අවුරුද්ද මුලින්ම පටන් ගන්නෙ මගේ උපන් දිනෙන්. පසුගිය වසරේ දෙසැම්බර්වල බියුටි පැජන්ට් එකක් Miss Nature Queen 2022 නමින් අප ආරම්භ කළා. එහි අවසන් තරඟය ජනවාරි මාසයේ පැවැත්වෙනවා. මම සහ මගේ මිතුරියක් වන රාජිකා තෙන්නකෝන් එකී තරඟාවලියේ ප්‍රධාන අධ්‍යක්ෂිකාවන් ලෙස කටයුතු කරනවා. ඒ නිසාම මේ දිනවල තරමක් කාර්යබහුලයි.

ඔබ කලා පවුලකින් පැවත එන්නියක් බව බොහෝ දෙනා නොදන්නා රහසක්. ඔබ එය ප්‍රසිද්ධ නොකරන්නෙ විශේෂ හේතුවක් නිසාද?

මගේ පියා රංගන ශිල්පියෙක්. ඔහු බොහොමයක් රඟපෑම් කටයුතු කළේ වේදිකාවෙයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වගේම දයානන්ද ගුණවර්ධනයන්ගේ වේදිකා නාට්‍යවල ඔහු රංගනයෙන් දායක වුණා. ඔහු වෘත්තීය රංගන ශිල්පියෙක් නොවෙයි. ඔහු වෘත්තියෙන් කළේ ගමනාගමන මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ රැකියාවක්. තාත්තා පූර්ණ කාලීනව රංගනයේ නොයෙදුණු නිසා බොහෝ දෙනෙක් ඔහු මගේ පියා ලෙස හඳුනා ගන්නේ නැහැ. මම ක්ෂේත්‍රයට පැමිණෙන්නේ මගේ පියාගේ නම විකුණලා නෙමෙයි. මගේ පියා පමණක් නොවෙයි මගේ ඥාතීනුත් බොහොමයක් කලාවට සම්බන්ධයි. මම ක්ෂේත්‍රයට පැමිණ වසර 18ක් ගත වුණත් මගේ ඥාතීන් කලාවට සම්බන්ධ බව පවසලා නැහැ. ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන උදුලා දාඹරේ මගේ ආච්චි අම්මා. රංගන ශිල්පිනී සුනීතා වීරසිංහ මගේ ලොකු අම්මා කෙනෙක්. නුවන් ගුණවර්ධන කියන්නේ මගේ මාමා කෙනෙක් . නමුත් මම කිසිවෙකුගේවත් නම පාවිච්චි කර ක්ෂේත්‍රයට පැමිණ නැහැ. ඔවුන් මං ගැන පැවසුවෙත් නැහැ. මං අදත් ඔවුන් ගැන සඳහන් කරන්නේ මම කලා ක්ෂේත්‍රයේ යම් දුරක් පැමිණි නිසයි. මට අවශ්‍ය වුණේ ඕෂධී හේවාමද්දුම ලෙස නමක් හදා ගැනීමටයි. ඒ නිසා ඒ පිළිබඳව සඳහන් කිරීමට මට අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

පසුගිය දිනවල ඔබ බොහොම අසනීප තත්ත්වයෙන් සිටි බව ආරංචි වුණා. දැන් ඔබව සුව අතට හැරිලද?

තාමත් මට කතා කරගන්න අමාරුයි. එය සාමාන්‍ය වයිරස් උණ තත්ත්වයක් වුණත් මට එකී රෝගී තත්ත්වය උග්‍ර අතට හැරුණා. පවුලේ සැවොම එයින් පීඩා වින්දත් එය මට අසාධ්‍යව දැනුණේ මම එය නොසලකා හරිමින් මගේ සාමාන්‍ය වැඩකටයුතුවල නිරත වූ නිසයි. මේ වන විට රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් පවතිනවා.

කලාකරුවන් බොහොමයක් දෙනා දේශපාලනයට නැඹුරු වන්නේ කලාව ගොඩනැඟීමේ අරමුණින්. නමුත් දේශපාලනික වශයෙන් ස්ථාවර වූ විට ඔවුන්ට කලාව මඟහැරෙනවා. ඔබ මෙය දකින්නේ?

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කලාව ගොඩනැඟිය හැක්කේ එය කර්මාන්තයක් ලෙස දියුණු කිරීමෙන් පමණයි. ඉන්දියාවේ බොලිවුඩ් ලෙස හඳුන්වන්නේ ලෝකෙම ඉහළම කර්මාන්තයක්. නමුත් ඉන්දියාවේ සිනමා සම්මාන උලෙළක දේශපාලනඥයන් සම්මාන දෙනවා අප කවදාවත් දැකලා නැහැ. නමුත් එහි කලාකරුවන් දේශපාලනයට යොමු වී සිටිනවා. කලාකරුවෙක් දේශපාලනය කිරීම වැරැද්දක් නොවෙයි. නමුත් වර්තමානයේ දේශපාලනයට සම්බන්ධ වුණු අපේ රටේ කලාකාරයෝ දේශපාලනඥයාගේ වගේම කලා කරුවාගේ යන දෙදෙනාගේම ගෞරවය අහිමි කර තිබෙනවා. ඒ නිසයි අපේ රටේ කලාකරුවන්ට දේශපාලනය අකැප යැයි මතයක් ගොඩනැඟී තිබෙන්නේ.

දේශපාලනය නිසා ඔබ තුළ සිටින රංගන ශිල්පිනියව ඔබට මඟහැරුණද?

කලාකරුවන් විදිහට අපට කවදාවත් කලාවෙන් ඈත් වෙන්න බැහැ. නමුත් දේශපාලනය කාර්යබහුල වෘත්තියක් නිසා රංගන කටයුතුවලට පවතින කාලය ප්‍රමාණවත් නැහැ. මගේ පළවෙනි වෘත්තිය කලාවයි. ඒ වගේම මම මැරෙනකම් මගේ අන්තිම වෘත්තිය වන්නෙත් කලාව පමණයි.

පවුලේ විස්තර කොහොමද?

මම අපේ පවුලේ එකම දරුවා. මේ වන විට විවාහ වී දරුවන් දෙදෙනෙක් සිටින මවක්. මගේ පුතා කොළඹ ඩී.එස් සේනානායක පාසලේ 5 ශ්‍රේණිය ඉගෙනුම ලබනවා. දුව ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පෙර පාසල් අවධියේ ඉගෙනුම ලබනවා.

විශ්මි ප්‍රනාන්දු

Post Views: 4,841

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes