Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

දෙවැනි ඉනිමට තෝර ගත්තා කියලා කිව්වහම මට දැනුනේ පුදුම සතුටක් – ශලනි ප්‍රනාන්දු

Posted on December 27, 2022December 27, 2022

මීට අවුරුදු හතරකට කලින් චූටි මැණිකේ විදියට දෙවෙනි ඉනිමට ආ ශලනි ප්‍රනාන්දු කියන්නේ අද වෙද්දි ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ විදිහට දෙවැනි ඉනිමට ආපු ශලනි මේ වෙද්දි ලොක්කී ටෙලි නාට්‍යයේ ලෝක්කී කියන චරිතය  නිරූපණය කරනවා.

මීගමුව ප්‍රදේශයේ උපත ලබන ශලනි අම්මයි අයියයි යටතේ තමයි හැදී වැඩෙන්නේ. මොකද ඇයට අවුරුදු හතරක් වෙද්දි තාත්තා ජීවිතෙන් සමු ගන්නවා. නිළියක් වෙන්න හීනෙකින්වත් හිතපු නැති ඇය ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ආස වෙලා තියෙන්නෙ fashion designer කෙනෙක් වෙන්න. ඒ පිළිබඳව ශලනි අදහස් දැක්වුවේ පහත ආකාරයෙන්.

නිළියක් වෙන්න හීනෙකින්වත් හිතුවේ නැහැ. සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලම හිතාගෙන උන්නේ fassion ඩිසයිනර් කෙනෙක් වෙනවා කියලා. උසස් අධ්‍යාපනය සඳහා මම තෝර ගන්නෙත් ඒ පැත්තමයි. හැබැයි අවුරුදු දාහතේදී නොහිතපු මොහොතක මම නිළියක් වෙනවා.

සිඟිති අවුරුදු කුමරිය තරගයකට වත් සහභාගී නොවුණු මම දෙරණ අවුරුදු කුමරිය සඳහා යන්නේ යන්නේ පුංචි නිසා. මාලි පුංචිට උවමනාවක් තිබුණා අවුරුදු දාසය පැන්නහම මාව අවුරුදු කුමරිය තරගයකට යවන්න. මගෙන් අහන්නේ වත් නැතුව ඇයව දෙරණ අවුරුදු කුමරිය ට ඉල්ලුම් පත්‍රයක් දාලා . මුල්ම selaction එකට යන දවස එතෙන්ට යන කම් මම ඇඬුවේ මේ තරගයට ඉදිරිපත් වෙන්න බැහැ කියලා. නමුත් බල කිරීම මත අඬලා අඬලා තමයි මූලික වටේ ආයුබෝවන් කියන වචනය කිව්වේ. විශාල පිරිසක් අතරින් එදා මම අවසාන දොළොස් දෙනා අතරට තේරී පත් වුණා.

ඒ විදිහට අදහස් දක්වන ශලනි අවසාන දොළොස් දෙනාට සහභාගි වුණාට පස්සේ  අවසන් මහා තරඟයේ දී නොසිතූ විරූ ආකාරයෙන්  ජයග්‍රාහිකාව බවට පත්වෙනවා. අඬ අඬා තරඟයට ආපු  ඇය අවසානයේ මේ තරගාවලියේ  ජයග්‍රාහිකාව බවට පත්වෙනවා. ඉතින් ඒ වෙලාවෙ දැනුන සතුට නම් ශලනිට වචනයෙන් කියන්න බැරි තරම්ලු.

අවුරුදු කුමාරිය උනාට පස්සේ මල් බර දෙරණ වැඩසටහනකට ඇය සහභාගි වෙනවා. එතැන් පටන් තමයි ශලනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය තීරණය වෙන්නේ. ඒ පිළිබඳව ඇය ආදරයෙන් අතීතය මතක් කළේ පහත ආකාරයට.

එදා තමයි ලක්සිරි සර් මට කතා කරලා කිව්වේ දෙවෙනි ඉනිමෙ රඟපාන්න අලුත් යුවතියකට අවස්ථාව තියෙනවා කියලා. මට හිතාගන්න හිතා ගන්න බැරි වුනා මොකද ඉස්කෝලේ කාලේ මම දෙවෙනි ඉනිමට පිස්සු හැදුණු රසිකාවියක්. රවීන් අයියාගේ රංගනයට කොච්චර කැමතිද කියනවා නම් කියනවනම් රාත්‍රී පන්ති කට් කරලා ගෙදර එනවා දෙවෙනි ඉනිම බලන්න ඕනේ නිසා. ඒ තරම් ආස කරන නාට්‍යයක රඟපාන්න ලැබෙනවා කියන එක මොන තරම් පුදුම හිතෙන කාරණාවක්ද.

ඇය කාලයක් තිස්සේ පුදුම ආදරේකින් බලපු ටෙලි නාට්‍යයක රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න අවස්ථාව උදා උනහම ඒ අවස්ථාව පිළිබඳව දරාගන්න බැරි සතුටක් ඇති වෙලා තියනවා. ඉතින් මේ ටෙලිනාට්‍යයේ  ස්ක්‍රීන් ටෙස්ට් එකේදි ඇයට කරන්න තිබිලා තියෙන්නෙ සොනාලි ටීචර්ගේ චරිතය.

ඇය රඟපෑවට පස්සේ දෙවෙනි ඉනිමේ රංගන ශිල්පිනියක් විදිහට ශලනි ව තෝරා ගන්නවා. ඔය දවස්වල ශලනි ටිකක් මහතයි. ඒ නිසා දෙවෙනි ඉනිම කණ්ඩායම ඇයට අභියෝග කරනවා ඇඟ ටිකක් අඩු කරගන්න කියලා. ඊට පස්සේ කොහොමහරි ඩයට් කරලා ඇය ඇඟ අඩු කර ගන්නවා.

පනස් වෙනි කොටස ඉඳලා පුරා අවුරුදු  අවුරුදු හතරක් එක දිගට ඇය  දෙවෙනි නෙමේ රංගන ශිල්පිනියක් විදිහට රඟපෑමෙන් එක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වර්ෂය තුළ විකාශය වූ ලොක්කී ටෙලිනාට්‍යය  සඳහාත් ඇය රංගනයෙන් දායක වෙනවා 

මේ චරිතය තුළින් වෙනස්ම ආකාරයේ රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන් හමුවට එන ශලනිගේ ඉදිරි බලාපොරොත්තු සහ කලා කටයුතු සියල්ලම එයාකාරයෙන් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Post Views: 5,131

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes