Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම විවාහ වෙන්නෙ රජයේ සේවයේ නියුතු කෙනෙක් එක්ක විතරමයි – නයනි රාමනායක

Posted on December 25, 2022December 25, 2022

විවාහයෙන් බලපෑම් ආවේ නැත්නම් දිගටම රඟපාන්න කැමැතියි මම කලාවට ආවේ මමවත් නොහිතපු විදිහටඕනෑම ක්ෂේත්‍රයක් ඉදිරියට පවතින්න නම් ඒ ක්ෂේත්‍රයට නව පරපුරක් බිහිවෙන්න ඕනේ. අද මේ සොඳුරු කතාබහට සම්බන්ධ කර ගත්තෙත් දක්ෂතා සපිරි නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය නමින් නයනි රාමනායක.

ඔබ කොහොමද මේ කලාවට පිවිසෙන්නේ?

මම පොඩි කාලේ ඉඳන් කලාවට ආස කළා. නමුත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔය අතරේ මම චාමර සමරවික්‍රම අයියාගෙ ඔඩිෂන් එකකට යනවා. එතැනදි ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් මාව තෝරා ගන්නවා. ඒ ‘හිරු ඇවිදින්‘ කියන නාට්‍යයේ හිමාලි කියන චරිතයට. ඒක තමා මගේ මුල්ම ටෙලි නාට්‍යය. එතැනින් තමයි මම රංගනයට පිවිසෙන්නේ.

මේ කාලෙ මොනවාද වැඩ කටයුතු?

මම මේ දිනවල නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්න නිසා තරමක් කාර්යබහුල වෙලා ඉන්නෙ. සිරස නාලිකාවේ විකාශය වන චන්දෝලිහි පුණ්නි, ස්වාධීන රූපවාහිනීයේ විකාශය වන දිව්‍යාදරි නාට්‍යයේ ටික්කි සහ දෙරණ නාලිකාවේ විකාශය වන දෙකොන් මාරු එකේ මන්දාකිණි කියන චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එනවා.

නයනි හීන දැක්කෙ නිළියක් වෙන්නද?

නැහැ. කලාවට සම්බන්ධ වෙන්න ආසාව තිබ්බත් මට ඕනේ වුණෙත් පොලිස් පරීක්ෂකවරියක් වෙන්න. ඒ නිසාම මම උසස් පෙළ විද්‍යා අංශයෙන් විභාගය ලියලා ප්‍රතිඵල ආව විතරයි පොලිසියේ පොලිස් පරීක්ෂක තනතුර සඳහා ඉල්ලුම් කළා. නමුත් අඟලක් උස අඩු නිසා මාව තේරුණේ නැහැ. ඔය අතරේ ජොබ් එකක් කරන්නත් ආස කළා. ඒ ඒක්කම නාලිකා කිහිපයක අවුරුදු කුමාරිය තරගයට ඇප්ලයි කරා. දෙරණ අවුරුදු කුමරිය තරගයේ අවසන් 10ට තේරුණා. ඒ එක්කම කලාවට තිබ්බ ආසාව ආයේ මතු වුණා. මම කලාවට ආවේ මමවත් නොහිතපු විදිහට.

අද ඉන්න තැන ගැන සතුටුද?

ඇත්තටම ඔව්. කවදාවත් හිතුවේ නැහැ මේ තරම් ඉක්මනින් ක්ෂේත්‍රයට එන්න ලැබේවි කියලා. සමාජයේ අය මොන වගේ දේවල් කිව්වත්, මොන විදියට රංගන වෘත්තිය දැක්කත් මම විශ්වාසයෙන් කියනවා තමන් හරියට ඉන්නවා නම් ඉන්න පුළුවන් හොඳ ක්ෂේත්‍රයක්. ඉතින් මම ඉතා සතුටින් ඉන්නවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා චාමර සමරවික්‍රම අයියාට, ඔහු හරහා තමයි මට මේ ක්ෂේත්‍රයට මේ තරම් ඉක්මනින් එන්න අවස්ථාව ලැබුණේ. මේ වෙනකම් මාව නිර්මාණවලට සම්බන්ධ කර ගත්ත සහ මා එක්ක රංගනයේ යෙදුණු හැමෝම ඉතාම ආදරෙන් සිහිපත් කරනවා.

විවාහයට තෝරා ගන්නෙ කලාවේ කෙනෙක් ද?

ක්ෂේත්‍රයේම කෙනෙක්ට ලොකු කැමැත්තක් නැහැ. පවුලේ හැමෝම රජයේ සේවයේ නිසා මම කැමතියි රාජ්‍ය සේවයේ නියුතු කෙනෙක්ට.‍

හැමදාම රඟපාන්න ද කල්පනාව?

මම නම් ආසයි මේ ක්ෂේත්‍රයේ පුළුවන් තාක් රැඳී ඉන්න සහ කවදා හරි සම්මානයක් ගන්න. හැබැයි ඉදිරියට කොහොම වෙයිද කියන්න බැහැනේ. විවාහයෙන් එහෙම බලපෑම් ආවේ නැත්නම් දිගටම රඟපාන්න කැමැතියි.

ඔබට රංගන සීමා තියෙනවද??

ඔව්. මට රංගන සීමා තියෙනවා. මගේ සීමාවන් තුළ සිටිමින් මගේ ආත්ම ගෞරවය රැකගෙන චරිතයට උපරිම සාධාරණය කරන්නයි මට ඕනේ.

අනූෂා රණසිංහ

Post Views: 5,606

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes