Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අම්මා කෙනෙක් වගෙ,ආච්චි කෙනෙක් වගෙ කියලා සමාජය මට විහිළු කරනවා -දිනේෂ් තරංගගේ බිරිඳ

Posted on December 25, 2022December 25, 2022

නැති බැරි කාලේ සියල්ල ඉවසගෙන හෙට හරි යයි අනිද්දා හරි යයි කියලා හිතාගෙන තිබෙන ආදරේ රැකගෙන ඒ ආදරෙත් එක්ක හරි මඟ යන්න පෙරුම් පිරූ අය ඉන්නේ ටික දෙනයි. එතැන තමයි අවංක ආදරේ තියෙන්නේ, එහෙම දෙන්නෙක් ගැන තමයි අද මේ විදිහට කතා කරන්න හිතුවේ. සැපට කාපු බිපු දවස් වගේම නොකාපු දවස් ගෙවූ මේ දෙන්නට රට්ටු මොන දේ කිව්වත් ලස්සනට ජීවත් වෙනවා. මුදල්, රූපය, ප්‍රසිද්ධිය මත්තේ ජීවීතේ උකස් කරන පිරිස අතරේ ආදරේ විඳින දිනේෂ් තරංග හා ඔහුගේ ආදරණීය බිරිඳ රැන්ඩෙලා ගැනයි මේ කතාබහ.

දිනේෂ් ගැන හැමදාමත් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහ වෙනවා, කොහොමද මෙවර නත්තල සමරන්නේ කියලම අපි කතාව ආරම්භ කරමු..? නත්තලට ගෙදර අය ලෑස්ති වෙනවා. මම බිරියට කිව්වා දුවලා දෙන්නා එක්ක එකතු වෙලා ගෙදර සරසන්න කියලා නත්තල් ගහක් හදලා ගව ලෙනක් එහෙම හදලා. ගෙදර සැරසුවාට මම මේ පාර නත්තලට මහපාරේ කියලා තමයි කියන්න තියෙන්නේ , 23,24,25 දවස් ටිකේම මට සංගීත ප්‍රසංග. ඉන්න තැනක් ලෑස්ති කරගෙන එයාලා එක්ක එකට නත්තලට කාලේ ගත කරන්න තමයි හිතාගෙන ඉන්නේ. කොහොමද ඉතින් අලුත් වැඩ කටයුතු ..? මම රංගනයෙන් දායක වෙන නිර්මාණයක් එන්න තියෙනවා. නාට්‍යවල සංගීත නිර්මාණය කටයුත්තත් කරනවා. ඊට අමතරව ගීත දෙකක් අලුත් අවුරුද්දේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඒ කියන්නේ දිනේෂ් දැන් මූල්‍ය පැත්තෙන් ඉතා ශක්තිමත් කෙනෙක් ..?

කියන්න හරිම සතුටුයි. මූල්‍ය පැත්තෙන් මම දැන් හොඳ මට්ටමක ඉන්නවා. අපිට දවස් තිබ්බා තාත්තාගෙන් දාහක් ඉල්ලගෙන ඇවිත් මමයි බිරියයි දරුවෝ දෙන්නයි ඒ සල්ලිවලින් සතියක් කාපු. අපි දෙන්නා බඩගින්නේ ඉඳලා දරුවෝ දෙන්නට විතරක් කන්න දුන්නු. එහෙම ජීවිතයකුත් අපි ගත කරා. ඒ නිසා දැන් සතුටු වෙනවා දරුවෝ දෙන්නට ඕන ඕන දේ අරන් දීලා හොඳින් ජීවිතේ ගත කරන එක ගැන. අපේ පවුල නඩත්තු කරන්නේ මගේ සංගීත ජීවිතෙන් උපයන මුදලින්. ඒ නිසා මගේ ආදරණීය රසිකයින්ට තමයි ස්තුති කරන්න ඕන මාව ඒ තැනින් තිබ්බට. ඒ වගේම මගේ ඒ අතීතය ගැන කතා කරන්න මම ලැජ්ජා වෙන්නෙත් නැහැ.

දිනේෂ් ගැන වැඩිපුර කතා කරන්න ගත්තේ බිරිය රැන්ඩෙලා නිසා. කොහොමද ඇය ඔබට දක්වන සහය..? හැමෝම මගේ බිරියට අම්මා කෙනෙක් වගේ කියනවා. කවුරු විහිළු කරත් එයා මට අම්මා කෙනෙක් වගේ තමයි. පොඩි දරුවෙකුගේ සියලු දේවල් අම්මා කරලා දීලා ආදරෙන් බලා ගන්නවා වගේ ඇය මාව බලාගන්නේ. එයා බුද්ධිමත්, උගත් කාන්තාවක්. ඒ නිසයි අපි අතර අවබෝධය තියෙන්නේ. හරි ලේසියි ජීවත් වෙන්න. උපරිම සහය ලැබෙනවා කියන්න පුළුවන් ඇගේ පළමු විවාහයේ දියණියට පියකු සේම සලකන්න ඇත්තටම ඔබට පුළුවන් වෙලා තියෙනවාද..? ඔව්. ලොකු දුවට අවුරුදු 18ක් වෙනවා. එයා අම්මට නොකියන අම්මට කියන්න බය ගොඩක් දේවල් මාත් එක්ක කතා කරනවා. එයාට මාව විශ්වාසයි. මම එයාට ආදරෙයි කියලා එයා දන්නවා. එයාට කිසිම වෙනසක් මගේ අතින් වෙන්නේ නැහැ කියලා අම්මී ඊට වඩා දන්නවා. දරුවෝ දෙන්නටම මම සලකන්නේ එකම විදිහකට. එයා තාත්තා කියලා කතා කරන්නේ මට. ඒක පිනක් එක අතකට. එයාව බලා ගන්න මාව දෙවියෝ තෝරලා දුන්නේ මොකක් හරි හේතුවකට වෙන්න ඇති. මීවිත පිරුණා ගීතය කරන්න ඔබට මුදල් නොතිබ්බ නිසා පොලියට මුදල් අරගෙන ඒ ගීතය නිර්මාණය කරා කියනවා, ඔය අතරතුරේදී මුණගැහුණු රැන්ඩෙලාව බිරිය කර ගන්නවා,

කොයිම මොහොතකවත් හිතිලා නැද්ද රැන්ඩෙලාට කියන කතා එක්ක සම වයසේ කෙනෙක් විවාහ කර ගත්තා නම් කියලා ..? කිසිම දවසක එහෙම හිතිලා නැහැ. මම මැරෙනකල් ජීවත් වෙන්නේ එයා එක්ක තමයි. කවුරුත් කියන කතා මට වැඩක් නැහැ. මට දැනුණු තැන මගේ හිත නතර වෙලා ඉවරයි. ඇත්තටම මගේ “මීවිත පිරුණා” ගීතයේ පද ටික ගන්නවත් සල්ලි තිබ්බේ නැහැ. පොලියට සල්ලී අරන් තමයි ලිරික්ස් ගත්තෙ. එහෙම අතීතයක මුණගැහුණු රැන්ඩෙලා එයාට පුළුවන් කාලේ මට කරා. එයාගේ ගෙවල් විකුණුවා. ඒ මුදල් හරියට කළමනාකරණය නොකර නාස්ති කර ගත්තා. දැන් මගේ මුදල්වලින් ජීවත් වෙනවා කියලා ඕන නම් අත අරින්න පුළුවන්, නමුත් මගේ ක්‍රමය ඒක නෙමෙයි. වෙන අයට වඩා එයා හොඳයි. එයා තමයි මට හරියට ම ගැළපෙන කෙනා. එහෙම නැත්තම් සමාජයට බයේ ඇය එක්ක ජීවත් වෙනවද..? සමාජයට බය වුණා නම් එයාව හංගගෙන ජීවත් වෙන්නේ. හිතට එකඟව ජීවත් වෙනවා. රැන්ඩෙලා දිනේෂ් කියන කතාව ඇත්ත ද..? ඒ කතාව නම් ඇත්ත. කාටවත් බයේ එයා කවදාවත් තීරණ ගත්තේ නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචන කතා යද්දී මම එයාට කියලා තියෙනවා ඔයාට මාත් එක්ක ඉන්න බැරි නම් හොඳ කෙනෙක් තෝරා ගෙන ජීවත් වෙන්න කියලා. ළඟදි දවසකත් අඬ අඬා කිව්වා සමාජයෙන් අැහෙන කතා ඉවසගෙන ඉන්න බැරි තැන. එයා මට හොදටම බැණ්නා, පිස්සු ද ගෑනියේ කියලා ඇහුවා. ඔබෙත් ඔහුගෙත් වයස් පරතරය අවුරුදු 9ක්. ආදරේට නම් වයස, පාට ජාතිය බලපාන්නේ නැහැ කියනවා, ඇත්තටම ඇයි ඔබ ඔහුට ළං වෙන්නේ, ප්‍රසිද්ධිය බලාගෙන ද..? නැහැ. එයා ප්‍රසිද්ධ වෙන්න කලින් ඉඳලා මම එයාව දන්නවා. අපි දෙන්නා එක පල්ලියට යන්නේ. ගෙවල් එක ගමේ මීගමුව. මගේ ගෙදර තිබ්බේ පල්ලිය භූමිය කිට්ටුවෙන් නිසා මම වැඩි හරියක් හිටියේ පල්ලියේ. එයත් එනවා කතාබහ කරනවා. ඒ කතාබහ තමයි දුර දිග යන්නේ. මම හෙව්වේ මට නොලැබුණු ආදරේ. ඒක එයා ළඟ තිබුණා. ඒ නිසා ඒ ආදරේට ආරක්ෂාවට තමයි මම ඔහුට ළං වුණේ.

කෙටියෙන්ම කිව්වොත් ඔබේ සල්ලී නිසා ඔහු ඔබට ළං වුණා කියන කතාව..? ඒක මෙහෙමයි. හැමෝම හිතාගෙන ඉන්නේ මම සල්ලිකාර කෙනෙක්.ඒ සල්ලි නිසා වයසින් වැඩිමහල් මාව දිනේෂ් කසාද බැන්දා කියලා. ඇත්තටම කිව්වොත් මම යමක් තිබ්බ කෙනෙක් තමයි. මට තිබ්බ මුදල්වලින් අපි ඕන නම් අවුරුදු පහක් හොඳට කාලා බිලා ඉන්න ඇති, මම බැංකු ක්ෂේත්‍රයේ වැඩ කළ කෙනෙක්. විවාහයෙන් පස්සේ ඉන් ඉවත් වුණා. මගේ අම්මා ගුරුවරියක්. පියා හමුදා සේවයේ හිටියේ. නමුත් මිනිස්සු කියන විදිහට මම මාර පොහොසත් කෙනෙක්වත් මගේ සල්ලි නිසා දිනේෂ් පස්සෙන් ආවාවත් නෙමෙයි. අපි විවාහ වුණාට පස්සේ දිනේෂ් කිව්වා වගේ බඩගින්නේ හිටපු දවස් තියෙනවා. ඒ වගේම 2009 අවුරුද්දේ මීවිත පිරුණා ගීතයේ වීඩියෝ එක කරන්න මම එයාට සල්ලි දුන්නා. නමුත් දැන් ජීවත් වෙන්නේ එයා හම්බ කරන මුදල්වලින්. මගේ ලොකු දුව ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක. පොඩි දුව ඉගෙන ගන්නෙත් ජාත්‍යන්තර පාසලක. ඒ සියලු වියදම් දරන්නෙත් ඔහු.

ඔබ දිනේෂ් එක්ක සම්බන්ධය පටන් ගන්නේ ඔබ විවාහ ජීවිතේ පවත්වාගෙන යද්දි නේද ..? ඊට වසර දෙක තුනක ඉඳලා මාත් මගේ කලින් සැමියත් එක්ක ප්‍රශ්න නොගැළපීම් තිබ්බා. නොගැළපීම් නිසා මතගැටුම් ඇති වුණා. ඒ තිබ්බ හිඩැස පුරවා ගැනීමේ වුවමනාවකින් ඉන්න කොට තමයි මාත් දිනේෂ් එක්ක වැඩිපුර කතාබහ කරන්න පටන් ගත්තේ.

ඔහු ඔහුගේ යෝජනාව කළා. මම හිතුවා මාව ඒ වෙද්දී දැනගෙන හිටපු කෙනෙක් හැටියට ඔහුගේ ආදරෙන් මගේ ජීවිතේ සම්පූර්ණ කර ගන්න ඕන කියලා. ඔහුව මට දැනුණා. ඒ නිසා මාත් ඔහුට ආදරේ කළා. ඊට පස්සේ මම දික්කසාද වුණා. මවුපියන් විරසක වුණාම දරුවෝ නාස්ති වෙනවා. නමුත් ඇය හොඳ දරුවෙක් විදිහට වැඩෙනවා. ඒ ගැන ආඩම්බරයක් තියෙනවා. ඒ දුව තමයි ඇන්ඩ්‍රියා. උසස් අධ්‍යාපනය හදාරනවා. දිනේෂ්ගෙයි මගෙයි දුව ෆේත් සාරා. එයාගේ වයස අවුරුදු 11යි. අපි දෙන්නා විවාහ වෙන්නේ සාරා දුව ලැබුණු පසුවයි. කොයි වෙලාවකවත් හිතුණේ නැද්ද දවල් වැටුණු වළේ රෑ වැටෙන්න යනවා කියලා,

දිනේෂ් තරුණයෙක් නිසා ඔබෙන් අයුතු ප්‍රයෝජන අරන් අතහරීවි කියලා ..? කොහෙත්ම එහෙම හිතුණේ නැහැ . එහෙම හිතන්න ඔහු ඉඩ හැරියේ නැහැ කිව්වොත් හරි. එතකොට ඔහුගෙන් ඔබේ වැඩිමහල් දියණියට වෙනසක් වෙයි කියන බය ඇති වුණෙත් නැද්ද..? මම කිව්වනේ, ඒ වෙද්දි මම ආර්ථික මට්ටමින් හොඳ තැනක හිටියා කියලා. ඒ නිසා මට ඕන වුණේ ආදරේ ආරක්ෂාව විතරයි. දිනේෂ්ගෙන් යැපෙන්න වත් දරුවා හදාගන්නවත් නෙමෙයි. මගේ හිතේ තිබ්බ හිස්තැන පුරවගන්න විතරයි මට ඕන වුණේ. ඒ වෙලාවේ හිතුවේ මම ගැන.

එයා හොඳ තැනක ඉන්න ඕන කියලා හැමදාම මම හිතුවේ. දැන් එයා මම හිතපු මට්ටමට ආවා. එයා මාව දාලා ගියත් මම දුක් වෙන්නේ නැහැ. නමුත් අම්මා කෙනෙක් වගේ ආච්චි කෙනෙක් වගේ කියලා කියනකොට දුකයි. එයාට ආදරේ කරන පිරිස ඊට වඩා වැඩි පිරිසක් ඉන්න නිසා. මම නම් හිත රිද්ද ගන්නවා.

සමාජය ඕන දෙයක් කිව්වත් දිනේෂ් ඔබට ආදරෙයි..? ඔව්. මගේ වයස අවුරුදු 41යි. මහපාරේ එයාව මට බදා ගන්න ඕන වුණොත් මම ඒ දේ කරනවා. එයාට මම කිව්වොත් මාව සිප ගන්න කියලා එයා තැන නොතැන නොබලා ඔහුගේ ඒ ආදරේ ලබා දෙනවා. ඒ අතින් මම හරි වාසනාවන්තයි. ඒ වගේම තමයි එයාගේ ජීවිතේ අංක එක පවුල. පවුල් ජීවිතේට තමයි මුල් තැන දෙන්නේ. දිනේෂ් වගේ කාර්යබහුල කෙනෙක් විවාහ කරගෙන පසුතැවිලි වෙන අවස්ථා නැද්ද ..? නැහැ. අපිත් ඔහුත් එක්ක යනවා. අපි එන්නම් කියලා නෙමෙයි ඒ ගමන එයා අපිව එක්ක යන්නේ එයාගේ කැමැත්තෙන්. නත්තල පාරේ සැමරුවත් දිනේෂ් අපි ළඟින් ඉන්න නිසා සතුටුයි. හර්ෂණි වීරරත්න සිළුමිණ, රසඳුන අතිරේකයෙන්…

Post Views: 8,061

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes