Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම කැමති දඩබ්බර පෙම්වතෙක්ට.අද බහුතරයක් ගැහැණු ළමයි කැමැතිත් දඩබ්බර කොල්ලන්ට -වගීෂා සල්ගාදු

Posted on December 21, 2022December 21, 2022

පුංචි තිරයේ මේ දිනවල නිතරම දකින්න ලැබෙන මුහුණු අතරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන සිටින චරිතයක් මෙවර සඳැල්ලට කතාබහක් තුළින් එකතු කර ගන්න හිතුවා. ඇය නමින් වගීෂා සල්ගාදු

වගීෂා මේ දිනවල පුංචි තිරයේ වැඩිපුර දකින්න ඉන්නවා නේද?

ඔව් මේ දිනවල මම රංගනයෙන් දායකවන ටෙලි නිර්මාණ 3ක් විකාශය වෙනවා. ළංවී, දිවිතුරා සහ රාජිණී තුළින් තමයි මාව දකින්න ඉන්නෙ. විවිධාකාර චරිත රංගනයන් තුනක් ලොකු වෙනසක්.

ඉතින් මේ විවිධාකාර චරිත ගැනත් කියමු?

‘ළංවී’ ටෙලි නිර්මාණයේ මම කරන්නෙ හරිම අහිංසක ගැමි චරිතයක්. ගැමි පරිසරයක හැදුණු වැඩුණු තම ආච්චිගෙ සහ සහෝදරයාගේ රැකවරණය යටතේ හැදුණු හරිම අහිංසක චරිතයක්. චරිතය රසාංගා. ඒ වගේම ‘රාජිණී’ චරිතය ගත්තොත් එහි මම හරිම දඟකාර, කටකාර කෙලිලොල් O/L කරන ගැහැනු ළමයකුගෙ චරිතයක් කරන්නෙ. ඒ චරිතය ‘ළංවී’ හි චරිතයට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් මේ චරිත දෙකටම වඩා වෙනස් වුණු චරිතයක් තමයි ‘දිවිතුරා’ හි කාව්‍යා කියන්නෙ.

ගොඩක් දෙනෙක් පුදුම වෙනවා එකම කාල රාමුවක මම කොහොමද මේ වගේ චරිත 3ක් තුන් විදියකට නිරූපණය කරන්නෙ කියලාත්. මොකද ඒකට ලොකුම හේතුව මම දායක වන නිර්මාණ තුනම සතියෙ දින පහේම විකාශය වන නිර්මාණ 3ක්. එතකොට ප්‍රේක්ෂකයො මාව 8.30ටත්, 9.00ටත්, 9.30ටත් දකිනවා.

‘ළංවී’ හි ‘රසාංගා’ට ගොඩක් දෙනෙක් ආදරෙයි නේද?

මේ තමයි මම ප්‍රථම වතාවට පුංචි තිරයෙ පෙම්වතියක් වුණු අවස්ථාව. මීට පෙර කිසිම දිනක පෙම්වතියගෙ චරිතය නිරූපණය කරලා තිබුණෙ නැහැ. ඉතින් මටත් අලුත්ම අත්දැකීමක්. මෙහිදී මගේ පෙම්වතා වෙන්නෙ ඉරෝන්. මේ චරිත රංගනය වෙනුවෙන් මගෙත් එක්ක සම්බන්ධවෙලා ඉන්නෙ ගොඩක් දක්ෂ නළුවෙක්. ඔහු සචින් චතුරංග. මගේ චරිතය ගොඩක් අහිංසකයි. ඇය ආදරේ වෙනුවෙන් ජීවිතේ ගැන පවා නොසිතා යම් දේවල් කරන්නෙ. ඇත්තටම අහිංසක වෙනවා කියන දේ මට අමාරු රංගනයක්. මොකද මම ඇත්ත ජීවිතේ අහිංසක නැහැ. හරිම විවෘත, මිත්‍රශීලී, කටකාර විහිළුවෙන් තහළුවෙන් ඉන්න කෙනෙක්. එහෙම වෙද්දි මම මේ වගේ චරිතයක් රඟපාන්නෙ කොහොමද කියන දේ ඇත්තටම අභියෝගයක් වුණා. නමුත් මට මේ චරිත රංගනය කරගෙන යන්න මෙහි අධ්‍යක්ෂවරයා ඩිල්ෂාන් අමරසිංහත් මගෙත් එක්ක මේ චරිත රංගනයෙන් දායකවන සචින් චතුරංගත් ලොකු සහයෝගයක් ලබා දුන්නා.

සමහර පෙම්වතියො ඉන්නවා දුෂ්ට පෙම්වතාට කැමැති. තවත් අය ඉන්නවා අහිංසක පෙම්වතාට කැමැතියි. පෞද්ගලිකව වගීෂා කැමැති මේ තුලින් මොන පෙම්වතාටද?

මම හිතනවා අද බහුතරයක් ගැහැණු ළමයි කැමැතිත් දඩබ්බර නපුරු කොල්ලන්ට කියලා. ඔවුන්ගේ වැරැදි ඇති. අපි කාගෙත් වැරැදි අඩුපාඩු තියෙනවනෙ. නමුත් මම හිතනවා ඒ හැමදේම හදන්න පුළුවන් සැබෑ ආදරයකට. ඉතින් මම හිතනවා දඩබ්බර කොල්ලෙක්ගෙ ආදරය හරි ලස්සනයි. හිතාගන්න බැරි රසායනයක් ඒ ආදරය තුළ තියෙනවා.

මේ පරම්පරාව කොහොමත් කුමාරයාට වඩා වැද්දට ආදරය කරනවා නේද?

අනිවාර්යයෙන්ම. මොකද වැද්දට ගොඩක් දේවල් සමාජය ගැන තේරෙනවා. නමුත් කුමාරයා හැදෙන්නෙ මාළිගාවෙ. ඒ නිසා සමාජය ගැන කුමාරයාට වැඩි තේරුමක් නැහැ. මම දකින විදියට සීනිබෝල කොල්ලන්ට කෙල්ලො කැමැති වුණ කාලෙ ඉවරයි. ලස්සනට ඇඳලා කරලා වාහනේ එන කොල්ලට වඩා දැන් කෙල්ලො හොයන්නෙ මහන්සියෙන් වැඩක් කරගෙන ලස්සන ගමනක් යන කොන්ද පණ තියෙන පිරිමියෙක්ව.

ඉතින් එහෙම කෙනෙක් තවම ලැබුණෙ නැද්ද?

නැහැ. තවම ඒ දේට මගේ හරි වයස නෙමෙයි. මාව තේරුම් ගත්තු කෙනෙක් මට ලැබෙයි. ඒ ගැන හිමින් බලනවා.

වගීෂා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ පුංචි කාලෙම නේද?

ඔව්. මම මුලින්ම නිවේදනය තමයි කළේ. එතැනින් පසුව 2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට වේදිකා නාට්‍යයක් කළා. ඒ තුළින් ජයග්‍රහණය කරන්න ලැබෙනවා. ඒ හරහා තමයි වේදිකාවට එන්නෙ. වේදිකාවෙන් තමයි මම මුලින්ම රංගනයට එකතු වෙන්නෙ. ඒ එකතුවීමට මට ලොකුම දායකත්වය ලැබෙන්නෙ පාසලෙන්. මම පාසල් 3 කට ගියා. මුලින්ම නුගේගොඩ සසෙක්ස්. ඉන්පසුව O/L දක්වා නුගේගොඩ සුජාතා විද්‍යාලයට තමයි ගියේ. එතැනින් පසුව A/L සඳහා රෝයල් ඉන්ස්ටිටියුට් තමයි ගියේ. ඒ අතරින් මාව කලාවට ගොඩක්ම යොමු කළේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ මගේ ගුරුවරිය. ඇය අද ජීවතුන් අතර නැහැ. නමුත් අද හිටියානම් මට වඩා සතුටු වෙන්නෙ ඇය. මේ අවස්ථාවෙ මම ඇයව ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඇය මගේ දක්ෂතා පාසලේදී හඳුනගෙන මාව ඒ පැත්තට යොමු කළා. එහි විදුහල්පතිතුමිය ඇතුළු ගුරුවරුන් මගේ මේ ගමනට ලොකු සහයෝගයක් ලබා දුන්නා. එතැනින් පසුව මම කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මිය යටතේත් වේදිකා නාට්‍ය කළා. අවුරුදු 3, 4ක් වගේ වේදිකාව එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒ තුළින් මම තේරුම් ගත්තා මගේ රංගන හැකියාව කොයි විදියටද ගලාගෙන යන්නෙ කියන දේ. එතැනින් පසුව ටිකින් ටික ක්ෂේත්‍රයට අඩිය තියාගෙන සිනමාවට, පුංචි තිරයට සහ වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණේ. දැන් ඒ තුළ හිමින් ලස්සන ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

දැන් දිගටම රංගනයෙ යෙදෙනවද?

මම රංගනයත් එක්කම තවමත් මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. දැනට විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව සහ නීතිය හදාරනවා. අධ්‍යාපනය සහ කලාව කියන්නෙ මම ආසම පැතිකඩ දෙකක්. මේ දෙකම කවදාවත් අතඅරින්න කැමැත්තක් නැහැ. ඉතින් මම හිතනවා සමබරව මේ දේවල් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මොකද මම පුංචි කාලෙ ඉඳලම කලාවට ගොඩක් කැමැතියි. නිවේදනයට සහ ගායනයට තමයි ගොඩක් යොමුවෙලා හිටියෙ..

ධනු විජේරත්න

Post Views: 4,734

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes