Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

එයාට ඕන දෙයක් කරන්න නිදහස දීලා තියෙන්නෙ – සඳනි ප‍්‍රනාන්දු

Posted on December 20, 2022December 20, 2022

අග්නි පියාපත් හි මාධවී ඔබට දැන් හුරුපුරුදු කෙනෙක්. ඒත් සඳනි ගැන ඔබ මොනවාද දන්නෙ?. ඇය පෙම්බඳින රියැලිටි තරුව කවුද. ඒ ආදර කතාවට දැන් මොකක්ද වෙලා තියන්නෙ. සඳනි ප‍්‍රනාන්දු සඟවා නොගෙනම ඔබට ඒ රහස මෙහෙම කියනව.

සඳනි රංගන ශිල්පිණියක් වීම සිද්ධ වෙන්නෙ කොහොමද?

රංගන ශිල්පිණියක් වීම පොඩි කාලෙ ඉඳන් තිබුණ බලාපොරොත්තුවන් නෙමෙයි. නමුත් මට වයස අවුරුදු දාහත දහඅට කාලෙදි ඒ ගැන පොඩි කැමැත්තක් ඇති වෙනව. එතන ඉඳන් රංගන ශිල්පිණියක් වීමේ අරමුණින් වැඩ කළා. ඒ උත්සාහය නිසා අද මම මෙතන ඉන්නව. මේ හරහා මිනිසුන්ගේ

රසාස්වාදය වෙනුවෙන් වැඩ කරන්න ලැබීම ගැන අද මට තියෙන්නෙ ලොකු සතුටක්.

රංගන ශිල්පිණියක් නොවුණ නම්?

එහෙනම් මම අනිවාර්යයෙන් එකවුන්ටන් කෙනෙක් වේවි. මොකද මම අධ්‍යාපන කටයුතු කළේ ඒ හා සම්බන්ධ විෂයයන් වලින්.

දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද?

නැහැ. කළමනාකරණ උපාධිය සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලැබීමට මේ දවස්වල වැඩකටයුතු කරමින් ඉන්නවා.

මාධවී ගැන පේ‍්‍රක්‍ෂකයො මොකද කියන්නෙ?

මාධවී කියන්නෙ ටිකක් නපුරු වගේම ගොඩක් අය බැනපු චරිතයක්. පේ‍්‍රක්‍ෂකයන් මුලදි මේ චරිතයට ඒ තරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. නමුත් මේ වෙනකොට ගොඩක් අය මාධවීට ආදරය කරනවා. මොකද මාධවීට ජීවිතයේ මුහුණ දෙන්න සිදු වුණ දේවල් නිසා තමයි ඇය ඒ තත්ත්වයට පත් වෙන්නෙ.

මාධවී සහ සඳනි අතර සමානකම් තියෙනවද?

ම්ම්ම්…. නැහැ. සඳනි ඊට වඩා ගොඩක් වෙනස්. නපුරුයි” ඒත් මාධවී තරම් නැහැ.

ඔබ නිර්මාණ භාර ගන්නෙ අඩුවෙන්?

ඔව්. ඇත්තටම මම වැඩිය නිර්මාණ භාර ගන්නෙ නැහැ. බොහෝ විට තෝරා බේරාගැනීමක් අනුව තමයි වැඩ කරන්නෙ. මේ වන තුරු දායක වුණ නිර්මාණත් එහෙමයි. බොහොම කැමැත්තෙන්” ආසාවෙන් තමයි තෝරාගත් ඒ නිර්මාණ වලට රංගනයෙන් දායක වුණේ. ඒවගේම නිතරම තිරයේ පෙනී ඉන්නත් මගේ ඒ තරම් කැමැත්තක් නැහැ.

ඔබ සිනමාවටත් සම්බන්ධ වෙනවා?

මම අරුණ ජයවර්ධනගෙ නයින්ටීන් සෙවන්ටි ලව් ස්ටොරි සිනමාපටයට සම්බන්ධ වෙලා තියෙනව. ඒ වැඩකටයුතු අවසන් වෙලා දැනට අවුරුද්දක් විතර වෙනව. ඉදිරියේදී පේ‍්‍රක්‍ෂකයන්ට දැකබලාගන්න පුළුවන් වේවි.

ගායනයට කැමැත්තක් නැද්ද?

මම හිතන්නෙ ගායනයත් රංගනය වගේම හැදෑරිය යුතු දෙයක් කියල. දැනට මගේ වෘත්තිය පිළිබඳව ඉගෙනගෙන ඒක

කරගෙන යනව වගේම ගායනය සම්බන්ධයෙන් හැදෑරීමක් කරල ඊට යොමු වුණොත් හරියාකාරව කරගෙන යන්න පුළුවන් වේවි කියල විශ්වාස කරනව.

සම්මානයක බලාපොරොත්තුව?

සම්මානයක බලාපොරොත්තුව මගෙ හිතේ තිබුණට වැඩක් නැහැ. කෙනකුගෙන් අගැයීමක් ලබන්න නම් මම ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕන. දැනටත් මම ඒ වෙනුවෙන් වැඩ කරනව. නමුත් සම්මානයක් ගැන ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ නැහැ. ඒකෙන් වෙන්නෙ හිත රිදීමක්.

පෙම්වතා ජනප‍්‍රිය ගායකයෙක්?

මම පෞද්ගලිකව සංගීතයට හරිම කැමතියි. හරිම ආදරෙයි. ඒ ක්‍ෂේත‍්‍රයෙන් කෙනෙක් ලැබීම ගැන ලොකු සතුටක් තියෙනව.

රංගනයට ඔහුගෙන් සීමාවන් නැද්ද?

මේ වනතුරු මගේ වැඩකටයුතු වලට ඔහුගෙන් කිසිම බලපෑමක් සිද්ධ වෙලා නැහැ. මම අදිමදි කරන ඇතැම් අවස්ථාවලදි ඔහු තමයි මාව දිරිමත් කරන්නෙ.

සඳනි පියත්ට බලපෑම් කරනවද?

නැහැ. මම මගේ ජීවිතයට සීමාවන් පනවගෙන වැඩ කරනව. ඒක වෙනම දෙයක්. නමුත් මට අයිතියක් නැහැ තව කෙනෙක්ව පාලනය කරන්න. එයාට හොඳයි කියල හිතෙන ඕනෑම දෙයක් කරන්න නිදහස තියෙනව. මම දන්නව එයාගෙ සීමාවෙන් පිට එයා වැඩ කරන්නෙ නැහැ කියල.

යුග ගීතයකට ඔහුගෙන් ආරාධනයක් නැද්ද?

එයා කතාකරල තියෙනව. ඒ මම කිව්වෙ තවදුරටත් සංගීතය ඉගෙනගෙන ඒ වගේ දෙයක් කරන්න ඕන කියල.

ඔබ ඔහුව දකින්නෙ?

මම එයාව දකින්නෙ හරිම නිදහස් චරිතයක් විදිහට. වෙලාවකට පොඩි ළමයෙක් වගේ වැඩකරන විනෝදකාමී කෙනෙක්.

දෙදෙනාම එකම ක්‍ෂේත‍්‍රයක?

ඔව්. මම හිතන්නෙ ඒක හොඳ දෙයක්. අපි දෙන්නටම අපේ වැඩ ගැන හොඳ අවබෝධයක් තියෙනව. ඒ අවබෝධයත් එක්ක තේරුම් ගැනීමෙන් ඉදිරියට යන්න පහසුයි.

විවාහය?

දැන්ම නම් එහෙම අදහසක් නැහැ. මොකද ජීවිතේ ගොඩක් දේවල් තව කරන්න තියෙනව. ඒ ලිස්ට් එකේ අවසාන හරියෙ තමයි විවාහය තියෙන්නෙ.

මහේෂ් එදිරිසිංහ
-Divaina- 

Post Views: 5,004

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes