Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සතුටින් ජීවත් වන යුවළක් නින්දට යාමට පෙර සිදුකරන දේවල්

Posted on November 30, 2022November 30, 2022

විවාහ ජීවිතය සතුටින් ගත කිරීම සෑම යුවළකට ඇති පොදු සිහිනයකි .නමුත් වර්තමානය වන විට මෙම සිහිනය කෙතරම් දෙනෙක් සැබෑ කර ගන්නවා ද? සතුට නොමැති කමෙන් විවාහ ජීවිත දෙදරා ගොස් දික්කසාදයෙන් අවසාන වන අවස්ථා බොහෝ ඇත 

1) දරුවන් නිදි යහනේ පසෙකින් තැබීම .

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් තමන්ගේ දරුවන් නිදියහනේ දෙදෙනා අතර මැදින් තබාගෙන නිදා ගැනීමට කැමතිය.එය ඉතාමත් ආදරණීය වේ.නමුත් යුවළක් ලෙස ඔබ දෙදෙනාගේ පෞද්ගලික ජීවිතේ ඉඩකඩත් තබාගැනීම ද අත්‍යවශ්‍ය වේ. ඔබ  දෙනාගේ සමීප සම්බන්ධතාවයට බාධාවක් නොවන පරිදි දරුවන්ව වෙනම තැබීම සුදුසු වේ.එලෙසම එය ඔබට සුවපහසු නින්දක් ළඟා කිරීමට ද හේතුවක් වේ.

2) වාද විවාද පසෙකින් තබන්න.

දෙදෙනා සමග ඇඳට යාමෙන් පසුව රණ්ඩු වීමට යාමෙන් වළකින්න. වාද විවාද, උණුසුම් වචන ඔබ දෙදෙනාගේම හිත් රිදවන වා පමණක් නොව එය දීර්ඝ කාලීන ගැටලුවලට පවා මග විවර කරයි. වාද විවාද මගින් ගැටලු වලට විසඳුම් නොලැබෙන බව සිහි සිහිතබා ගත යුතුය .සමහර වචන නිසා ඔබගේ ආදරණීය සහකරුට හෝ සහකරුගේ හෝ සහකාරියගේ හිත බිඳී යාමට පවා හැකිය.එසේ වුවහොත් ඔබට පසුදා ඉතුරුවන්නේ බිඳුනු හිතක් සහ මානසික පීඩනයක් පමණි.එවිට ඔබට නැවුම් දවසක් ආරම්භ කිරීමට වනුයේ වනුයේ පීඩාවට පත්වූ සිතකින් ය.නින්දට යාමට කලින් සියලු පීඩාකාරී කතාබහ ඔබගේ නිදන කාමරයේ දොර අසල තබා ඒමට වග බලා ගන්න.යුවලකට තනි වූ විට කතා කිරීමට කෙතරම් සුන්දර දේවල් තිබෙනවාද? ඒ පිළිබඳව මොහොතකට සිතා බලන්න. 

3)ආදරණීය කතාබහක යෙදීම.

ආදරණීය කතාබහ යෙදීම නම් ඔබට අමාරු නැත.මෙහිදී කාරණා තුනක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.ප්‍රථමයෙන්ම ඔබ දෙදෙනා එකිනෙකාගේ හැඟීම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය  .මෙහිදී ඔබ අනිකාට ක්ෂණික උපදෙස් ම විසඳුම් ලබාදීම අවශ්‍ය නොවේ.ඔහු ඔහු කියන දේ පිළිබඳව ඔබගේ සැලකිල්ල සහ  සහයෝගය ඇති බව පමණක්  දැනීමට ඉඩ හරින්න.ඒ අනුව ඔබ දෙදෙන ධනාත්මක හැඟීම් බෙදා ගැනීම වැදගත්ය.හොඳ දේවල් අසන්නට ලැබීමෙන් ඔබට පමණක් නොව ඔබගේ සහකරුට හෝ සහකාරියට දේ සැනසීමක් ලඟාකර දෙන්න.දෙදෙනාටම හිතේ අස්වැසිල්ලෙන් සුවපහසු නින්දක් ලබා ගැනීමට හැකිවනු ඇත.අවසාන වශයෙන් දෙදෙනාම එදින සිදු වූ සියලු දෙයක්ම අමතක කිරීමට උත්සාහ කිරීම වැදගත් ය.සියලු දුක් සහ ගැටළු කරදර නිදන කාමරයේ දොර අසල තබා ඒමට  අමතක නොකරන්න .ඔබ ඔබගේ සහකරුට කොතරම් ආදරය කරනවාද යන්න වචනවලින් පවසන්න.ඔබ ඔබගේ හැගීම් අවංකව ප්‍රකාශ කිරීමද හරිම වැදගත් වේ .ආදරණීය කතා බහකින් පසු ඔබ දෙදෙනාටම සුව නින්දක් ළඟා කරගත හැකි වෙයි. 

4) ඔබේ ජංගම දුරකතනය පසෙකින් තබන්න.

සාමාන්‍යයෙන් ජංගම දුරකථන යනු අප සැමට නැතිවම බැරි උපාංගයකි.නමුත් ඔබ එයට පමණට වඩා එල්ලී සිටිමින් ඔබේ ආදරණීයයන් ඔබෙන් දුරස් කරන්නෙක් ඔබට නොදැනුවත්වමය. විශේෂයෙන්ම සමාජ මාධ්‍යයන්ට ඇබ්බැහි වීම මගින් , ඔබේ සිරුරේ ඔබ නොහිතන දේවල් වීමට හැකිය. ආදර හෝමෝනය නමින් හැඳින්වෙන ඔක්සිටොසින් හෝමෝනය  මුදාහැරීම අඩපණ වීම සිදුවේ.ඔබ දෙදෙනා අතර ගතින් සිතින් බැඳීම ට මෙම හෝමෝනය ලබා දෙනුයේ  ඉමහත් දායකත්වයකි. එම දායකත්වය නොමැති වී යාමෙන් ඔබේ සම්බන්ධය කුමක් විය හැකි දැයි ඔබට නිසැකවම අවබෝධ විය යුතුය.මේ සඳහා ඔබ කළ යුත්තේ ඉතාමත් පුංචි දෙයක් වේ.ඔබ නින්දට යාමට පැය බාගයකටත් කලින් ඔබගේ ජංගම දුරකථනය දුරකතනය ක්‍රියා විරහිත කිරීම වඩාත් සුදුසු වේ.එසේ කළ නොහැකිනම් නොහැකි නම් අවම වශයෙන් එය silent  කිරීමටවත් වගබලා ගන්න.ඔබ දෙදෙනා විසින්ම මෙය සිදු කළ යුතුවේ .ඒ ආකාරයට ඔබ දෙදෙනාට ආදරණීය කාලයක් මෙන්ම  සුව නින්දක් ලබාගත හැකිවේ.

5) වැඩකටයුතු සියල්ල අමතක කිරීම.

ඔබත් ඇඳ මතට පැමිණ ඔබගේ රාජකාරි වැඩකටයුතු කරන අයෙක්ද? එසේත් නොමැති නම් හෙට දිනයේ රාජකාරි කටයුතලදී ඔබගේ සහකරුවා හෝ සහකාරිය තර්ක මෙන් ගත කරනවා විය හැකිය දී ඔබගේ සහකරුවා හෝ සහකාරිය තනිකමෙන්  ගත කරනවා විය හැකිය.එම නිසා ඔබගේ රාජකාරිය වැඩ මෙන්ම නිවසේ වැඩ නිදන කාමරය තුළට රැගෙන යාමෙන් වැළකිය යුතුය.එසේම රාජකාරි කටයුතු වල ප්‍රශ්න , ආර්ථික ගැටලු ,හිත කලබල කරන කරන ගැටළු ඔබගේ නිදි යහන මතට ගෙන යාමෙන් වැළකිය යුතුය.දෙදෙනා එකට සමීපව ගත කරන කාලය තුළ ආදරණීය දේවල් කතා කිරීමට මතක තබා ගන්න .ආදරය කිරීමට සහ ආදරය ලැබීමට මෙම වෙලා වඩාත් සුදුසුය.මෙමගින් ඔබ  දෙදෙනාට ම වෙන් වූ ආදරණීය ගුණාත්මක කාලයක් සොයා ගැනීමට හැකිවේ.එසේම සුව නින්දක් සමග හෙට දිනයේදී නව ජවයකින් සූදානම් වීමට අවශ්‍ය හොඳ විවේකයක් ලබා ගැනීමටද හැකිවේ.

Post Views: 16,421

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes