Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

”උඩ නගින්නෙ පරිස්සමෙන්” කියලා වෙනස්ම SMS එකක් මට ලැබුණා – අනුෂා දමයන්ති

Posted on November 21, 2022November 21, 2022

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශික්පිනියක් වෙන අනුෂා දමයන්ති පසුගියදා පතිකුලයට ගිය බව ඔබ දැනටමත් දන්නවා. ඇගේ අතිනත ගත් වාසනාවන්තයා අමිල.  මේ අනුෂා ාලුත් ජීවිතයට් ගැන සති අන්ත පුවත්පතකට පැවසූ තතු.

අලුත් ජීවිතේ ලස්සනයි. හිතුවාට වඩා පොඩි වගකීම් ටිකක් විතර වැඩිවෙලා තියෙනවා. මෙච්චර කාලයක් මම අම්මව වගේම මාව අම්මා බලාගත්තා. දැන් මට තව කෙනෙකුත් බලාගන්න ඉන්නවා. ඉස්සර මම උදේට නැගිට්ටහම “අම්මේ” කියලා මම තේ එක හොයාගෙන යනවා. දැන් “ඔයාට ඕනෙනේ වස්තු” කියලා මම තේ එක අරගෙන යනවා. හැබැයි තාමත් අම්මා හදන තේ එක මෙයාට ගෙනත් දෙන්නේ මමයි.

අම්මව දාලා යද්දී දුකක් හිතුණා නේද? 

ඔව්… හැබැයි එදත් මම කිව්වේ “මම ටග්ගාලා එළියට ගිහින් අනිත් පැත්තෙන් ඔයාව එක්ක යන්න එනවා” කියලයි. තාත්තා හදිසියේම දවස් තුනකට තමයි ලංකාවට ආවේ. ඉතින් අමිලට කිය‍ලා මම අපි නැවතුණ හෝටලයේ අනික් කාමරය අම්මටයි, තාත්තටයි බුක් කරලයි තිබුණේ. ඒ නිසා “අම්මේ අනිත් කාර් එක අරගෙන අපේ පස්සෙන් එන්න කියලත්” මම කිව්වා. මගේ අයියා තමයි “ඇයි මොළේ අමාරුවක් තියෙනවාද?” කියලා අම්මාවයි, තාත්තාවයි අයියා වෙන කොහේදෝ එක්කගෙන ගිහින් තිබුණා. අමිල මට අම්මාව කොයිතරම් සමීපද කියලා දන්නවා. අමිලගේ ගෙදර වුණත් එයා මගේ අම්මට කාමරයක් වෙන්කරලයි තියෙන්නේ. අමිල මගේ අම්මට හරි ආදරෙයි. මාගේ තාත්තා රට ගියාට පස්සේ මම හැමදාම මගේ අම්මා ළඟයි නිදාගත්තේ. එක කාමරයේ එක ඇඳේ අපි නිදාගත්තේ. ඒ නිසා අදටත් මට නිදාගනිද්දී අම්මව හරියට මතක් වෙනවා. සමහරදාට අපි අපේ ගෙදර ගියාම “ඔයා අම්මා එක්ක නිදාගන්න කියලත් අමිල මට කියනවා. ඒ බැඳීම අමිල දන්නවා. මම අම්මා ගාවට ගියාම “මොන පිස්සුද ගිහින් අරහේ නිදාගන්නවා” කියලා මාව එළවනවා. අමිලගේ ගෙදර මුලින්ම ගියපු දවසේත් රෑ මම අම්මව නතර කර ගත්තා. දුව දීලා අම්මලා ගියාට අපේ අම්මව මම තියාගත්තා.

අමිල මොන වගේ කෙනෙක්ද?

 අමිල කියන්නේ මුලින්ම මට රසිකයෙක්. 2008 අවුරුද්දේදී තමයි අමිලව මට මුලින්ම මුණගැහුණේ. ඒ කාලේ මාත් එක්ක බොහෝ දෙනා කතා කළා. දවසක් රියැලිටි නර්තන තරගයක් පුහුණුවීම් කරද්දී අමිලට මට කෝල් කළා. සාමාන්‍යයෙන් ඒ කාලේ මම වැඩිය කෝල් ආන්සර් කරන්නේ නැහැ. හැබැයි මොකක්දෝ වාසනාවකට එදා මම අමිලත් එක්ක කතා කළා. හැබැයි හරිම සාමාන්‍ය ඇමතුමක්. ඊට පසුවදා ඉඳන් “පරිස්සමෙන් ඉන්න, වෙලාවට කෑම කන්න, උඩ නගින්නෙ පරිස්සමෙන්” කියලා වෙනස්ම SMS ටිකක් අමිලගෙන් මට ලැබුණා. ඒවා හරි සුවිශේෂියි. මාස දෙකක් කොච්චර මැසේජ් කළත් මම ඒවාට උත්තර නම් යැව්වේ නැහැ. ඔය අතරේ එකපාරටම මම නර්තන තරගයෙන් ඉවත් වුණ දවසේ මට අමිල කතා කළා. එදා අමිල එක්ක මම විනාඩි පහක් දහයක් කතා කළා. එදා ඉඳන් සාමාන්‍ය විදිහට හැමදාම අමිල මට කතා කළා.

Post Views: 5,267

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes