Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පෙම්වතිය නොදැනුවත්වම පෙම්වතාගේ සතුට නැතිවෙන කාරණා 5ක්

Posted on November 21, 2022November 21, 2022

හැමෝම දන්නා දෙයක් තමයි ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න නම් පෙම්වතාව සතුටු කරන්න ඕන කියන එක. නමුත් කෙතරම් ආදර කළත් ඇතැම් පෙම්වතියන් නොදැනුවත්ව කරන දේවල් නිසා පෙම්වතා අසතුටට වගේම කලකිරීමටත් පත්වෙනවා.

1.ඔහුට පොරොන්දු ඉටු නොකිරීම

ඔබ ඔහුට ලබාදුන් පොරොන්දු ඔබේ කාර්ය බහුලත්වය නිසා හෝ වෙනයම් කාරණයක් නිසා ඔබට අමතකවෙන්නට පුළුවන්. නමුත් ඔහු ඒවා මතකයේ රඳවා ගන්නවා. ඔබ ඒවා ඉටු නොකළොත් ඔහුට හැඟෙවී ඔබ ඔහුට ආදරේ නැති බව. ඒ නිසා ඔබ ඔහු වෙනුවෙන් කාලය වෙන් කරන්න. ලබාදුන් පොරොන්දු ඉහළින්ම ඉටු කරන්න. එයින් ඔබේ ආදර සම්බන්ධතාවය තව තවත් තවත් ශක්තිමත් වේවි.

2.ඔහුගේ විශ්වාසය බිඳ දැමීම

බොහෝ තරුණියන් තම පෙම්වතාට සීමා පනවමින් වෙනත් තරුණියන් සමඟ ඇති මිත්‍රශීලි හිතවත්කම් නවතා දමා තම පෙම්වතාට රහසේ ඇය වෙනත් තරුණයන් සමඟ මිතුරුකම් පවත්වනවා. ඔහු ඔබ ගැන කිසිඳු සැකයක් හිතේ තියාගෙන නෙවෙයි සැබවින්ම ආදරය කරන්නේ. නමුත් ඔබ ඒ විශ්වාසය බිඳ දැමුවොත් ඔහු ඔබව කිසිම දවසක විශ්වාස කරන්නේ නැති වේවි.

3.ඔහුට අවශ්‍ය නිදහස ලබා නොදීම

බොහෝවිට පිරිමි ළමුන් කැමති නිදහසේ සතුටින් ජීවිතේ ගෙවන්න. පෙම්වතිය සමඟ කාලය ගත කරනවා වගේම යහළුවන් හිතවතුන් සමඟත් කාලය ගත කරන්න. නමුත් ගැහැණු ළමයි හුඟක් වෙලාවට මේ තත්වය තේරුම්ගන්නේ නැහැ. ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැහැ පෙම්වතා මිතුරන් සමඟ කාලය ගත කරනවාට. මේ නිසා ඔබ පෙම්වතාගේ මිතුරන් හිතවතුන් ගැන වැරදි කියමින් බැන වදිමින් ඔහුට යන්නට ඉඩ නොදුන්නොත් ඔබ ඔහුගේ නිදහසට අනවශ්‍ය ලෙස බාධා කරනවා යැයි සිතා ඔහු ඔබව හැරදමා යන්නටත් ඉඩකඩ තිබෙනවා.

4.ඊර්ශ්‍යා කිරීම

බොහොමයක් ගැහැණු ළමයි කැමැත්තක් දක්වන්නේ නැහැ තමන්ගේ පෙම්වතා මිතුරියන් ඇසුරු කරනවට වගේම වෙනත් ගැහැණු ළමයි සමඟ කතාබහ කරනවාට. නමුත් ඔබ මතක තියාගත යුතුයි ඔහුගේ ජීවිතේ ඉන්න එකම ගැහැණු කෙනා ඔබ නොවන බව. මන්ද ඔහු සමාජයේ ජීවත් වෙනකොට එහෙමත් නැත්නම් රැකියාවක් කරකොට ඔහුට සිද්ධ වෙනවා විවිධ කාන්තාවන් සමඟ කටයුතු කරන්න. ඔබ මේ දේවල් ගැන තේරුම් ගන්නේ නැතුව ඔහුට සමඟ රණ්ඩු වෙන්න වද දෙන්න පටන් ගත්තොත් ඔහුට ඔබව ඉක්මනින්ම එපා වේවි.

5.අහංකාරකම් සහ ආඩම්බරකම් පෙන්වීම

බොහොමයක් ගැහැණු ළමයි කරන වරදක් තමයි තමන්ගේ පෙම්වතා ඉදිරියේ අහංකාරකම් සහ ආඩම්බරකම් පෙන්වීම. තම මිතුරියන්ගේ පෙම්වතුන් ඔවුන් වෙනුවෙන් කළ කී දෑ ගැන කියමින් තම පෙම්වතා නොකරන දේ ගැන කියමින් ඔවුන් උසස් ලෙස සළකමින් පෙම්වතාව හෑල්ලුවට ලක් කිරීමට පෙළඹෙනවා. පිරිමි කෙනෙක් කැමති බොහොම ගෞරවාන්විතව තමන් ගැන හිතන ගැහැනියකට. ඉතින් එවන් තත්වයකදී ඔබ ඔහුට නිතර බැනවදිමින් ආඩම්බරකම් අහංකාරකම් පෙන්නුවොත් පෙම්වතා කිසිම දවසක ඔබත් සමඟ සතුටින් ඉන්නේ නැතිවේවි.

Post Views: 11,790

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes